Colombo Today Local News

තෙල් තොගය ගැන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් නිවේදනයක්

මෙරටට තෙල් ආනයනය කරනු ලබන ආයතන 4ක තෙල් සාම්පල පරීක්ෂාවට ලක්වෙමින් පවතින අතර දින කිහිපයක් ඇතුළත එහි ප්‍රතිඵල නිකුත් වනු ඇති බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඒ අනුව අලි බ්‍රදර්ස් පුද්ගලික සමාගම, සේනා මිල්ස් පිරිපහදුව, එඩිරිසින් එඩිබල් ඔයිල් සහ කටාන පිරිපහදුව යන සමාගම්වල සාම්පල එලෙස පරීක්ෂා කරමින් පවතින බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පවසනවා.

පරීක්ෂණ ප්‍රතිඵල මත පදනම්ව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය (ආහාර පරීක්ෂණ ඒකකය) සමග එක්ව තත්ත්වය සුදුසු නම් පමණක් ඉහත ආනයන තෙල් තොග නිදහස් කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය ශ්‍රී ලංකා රේගුවට ලබාදෙන බවද ප්‍රමිති ආයතනය සඳහන් කර තිබෙනවා.

ආනයනකරුවන් 4 දෙනෙකු විසින් රටට ආනයනය කරන සෞඛ්‍යට අහිතකර පොල්තෙල් විකිණීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අවසර දී ඇති බවට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඉදිරිපත් කරන චෝදනා අසත්‍ය බවද ඉන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

Related posts

ජනපති අද ජාතිය අමතයි… එජාපය සමග දීගයේ තිත්ත ඇත්ත සියල්ල හෙළි කරන්න යයි…

colombotoday

ජනපති අනුර වියට්නාමයට!

Admin

ජොනීට එරෙහි අල්ලස් නඩුව – ලිඛිත දේශනා ඉදිරිපත් කිරිමට නියෝග

colombotoday

අර්ජුන මහේන්ද්‍රන්ගෙන් ප්‍රකාශයක් ගන්න ඉන්ටපෝල් නිල් වරෙන්තුවක් ඉල්ලයි

colombotoday

නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු කඩිනමින් අරඹනවා

colombotoday

‘ටෙලිකොම්’ පෞද්ගලීකරණයට නිර්දේශ නැහැ

Admin