Colombo Today Local News

මාදුගැටේ වැව හැදුවොත් සිංහරාජයට වෙන දේ ගැන යුනෙස්කෝ කණ්ඩායම ඇමැති චමල් රාජපක්ෂට දැනුම් දෙයි

ලෝක උරුම සිංහරාජ වනාන්තරය ආශ්‍රිත මාදු ගැටේ ප්‍රදේශයේ වැවක් ඉදිකළහොත් සිංහරාජ වනයේ හෙක්ටෙයාර් පහකට බලපෑම් එල්ල වන බවත්, මේ නිසා මෙම වැව වෙනත් ස්ථානයක ඉදිකරන ලෙස වාරිමාර්ග ඇමැතිවරයාට දැනුම් දුන් බවත් යුනෙස්කෝ ශ්‍රී ලංකා ආයතනයේ ලේකම් මහාචාර්ය පුංචිනිළමේ මීගස්වත්ත පවසයි.

ලෝක උරුමයක් වූ සිංහරාජය ආශ්‍රිතව වැවක් ඉදිකිරීම පිළිබඳව යුනෙස්කෝ කණ්ඩායම වාරිමාර්ග ඇමැති චමල් රාජපක්ෂ සමග ඉකුත් 23 වැනිදා සාකච්ඡා කළ බවද මහාචාර්යවරයා කීවේය.

ගිං ගඟේ මාදු ගැටේ ආශ්‍රිතව වේල්ලක් ඉදිකෙරෙන අතර, ජලය පිරුණු පසුව වේල්ලේ පිටත සිංහරාජ වනාන්තරයේ අක්කර පහක් ජලයෙන් යටවේ.

ලංකාගම මාදු ගැට ප්‍රදේශය ආශ්‍රිතව මෙම වැව ඉදිකිරීමට නොහැකි බවත්, එය ලෝක උරුම මාර්ගෝපදේශවලට විරුද්ධ බවත්, එය සිංහරාජ ලෝක උරුම තත්ත්වයට ගැටලුවක් ඇති වන බවද යුනෙස්කෝ කණ්ඩායම ඇමැති චමල් රාජපක්ෂට දැනුම් දී තිබේ.

මෙම තත්ත්වය ඇමැතිවරයා පිළිගත් බවත්, වැව ඉදිකිරීම සඳහා වෙනත් විකල්ප ස්ථානයක් සෙවීමට කටයුතු කරන ලෙස ඇමැතිවරයා වාරිමාර්ග ඉංජිනේරුවරුන්ට දැනුම් දුන් බවද මහාචාර්යවරයා කීවේය.

සිංහරාජය ආශ්‍රිතව වැව ඉදිකිරීම සඳහා අවසරය ලබාදිය හැකිදැයි විමසා යුනෙස්කෝ ප්‍රධාන කාර්යාලයේ ලෝක උරුම කමිටුවට ලිපියක් යවා තිබෙන බවත්, නමුත් ඊට අවසරය ලබා නොදෙනු ඇතැයි තමා සිතන බව ඇමැතිවරයාට දැනුම්දුන් බවද ඔහු සඳහන් කළේය.

Related posts

ත්‍රිපෝෂ නිෂ්පාදනය යළි අරඹන්න ලෝක ආහාර වැඩසටහනෙන් ආධාර

colombotoday

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ සිටි සුනඛයින් 15ක් කොන්ත්‍රාත්තුවකට වස එන්නත් කර මරා දමා ඇතැයි පැමිණිල්ලක්

colombotoday

මිළ සූත්‍ර අහෝසියි… පෙට්‍රල්, ඩීසල් මිල පහත දමයි…

colombotoday

උතුරු නගනහිරට ෆෙඩරල් පාලනයකට යන ගමන කිසිවිටෙකවත් අත්හරින්නේ නෑ – විපක්ෂ නායක

colombotoday

හික්කඩුව මුහුදු තීරයේ දිය නාමින් සිටි වි‍දෙස් ජාතික‍යෙකු දියේ ගිලී ජීවිතක්ෂයට

Admin

කේරල මුස්ලිම් ජනතාව අන්තවාදීන් කරන්න ලංකාවේ මද්‍රසා පාසල්වලින් ටියුෂන් දීලා

colombotoday