29 C
Colombo
9 April 2025
Colombo Today Local News

‘‘කුරුඳු දුම්වැටිය දුම්කොළ පාලනයට හානි රහිත විකල්පයක්’’ කැබිනට් ඇමැතිවරයකු මැදිහත්ව කෙරෙන ප්‍රචාරය සාවද්‍යයි.. WHO කලබල වෙයි

කර්මාන්ත ඇමැති විමල් වීරවංශ විසින් පසුගියදා සිදුකළ කුරුඳු දුම්වැටි ප්‍රවර්ධනය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දුම්කොළ පාලනය සඳහා ලබාදෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අරමුදල් අත්හිටුවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ දේශීය වෘත්තීය නිලධාරී තිරුපති සුවීන්ද්‍රන් ප්‍රකාශ කළේය.

‘‘ශ්‍රී ලංකාව මීට පෙර දුම්කොළ පාලන අධ්‍යයනයන් හේතුවෙන් ලෝකයට ආදර්ශයක් සැපයුවා. නමුත් මේ නීතිවිරෝධි දුම්වැටි නිසා එම තත්ත්වය වෙනස් වෙනවා.’’ යැයි හෙතෙම සඳහන් කළේය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතවරයා මේ බව සඳහන් කරන ලද්දේ පෙරේදා (24)දින කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ පාලනය පිළිබඳ සම්මුතිය (FCTC) යටතේ ක්‍රියාත්මක 2030 දක්වා වූ ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකා රජයේ වසර 04ක් තිස්සේ ආධාර ලැබී ඇතැයි ද එම ආධාර තවත් වසරක දුම්කොළ පාලන වැඩපිළිවෙළ වෙනුවෙන් දීර්ඝ කර ඇතැයි ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර කුරුඳු දුම්වැටි අලෙවි කිරීමේ යෝජනාව පිළිබඳව නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසන්නේ කැබිනට් ඇමැතිවරයකු ද මැදිහත්ව ‘‘කුරුඳු දුම්වැටිය දුම්කොළ පාලනයට හානි රහිත විකල්පයක්’’ යනුවෙන් කෙරෙන ප්‍රචාරය සාවද්‍ය එකක් බවයි.

මෑතකදී සිදුකළ පර්‌යේෂණයකදී හෙළිවී ඇති ආකාරයට කුරුඳු දහනයෙන් පෙනහළුවල පටකවලට සැලකියයුතු හානියක් සිදුවන බවද එම සංගමය පෙන්වා දෙයි. එමනිසා මෙම ප්‍රවර්ධනය තුළින් තරුණ ප්‍රජාව අතර දුම්පානයට උනන්දුවක් ඇතිකරවන බවද වෛද්‍ය සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

Related posts

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුදාවේ තවත් ඉහළට

colombotoday

එජාප තරුණ නායකත්වය විනාශ කිරීමේ මෙහෙයුමක්.. ජනපතිත් හවුල් – සුජීවගෙන් චෝදනා

colombotoday

වසර 05 ම පාවිච්චි කළේ පැරණි නිල රථයයි. ඇන්දේ හිටපු කථානායක ඇඳපු කබායයි. සමු දෙන්නේ පිරිසිදු දෑතකින් යුතුවයි. කථානායක කරු ජයසුරිය කියයි

colombotoday

මීළග අගවිනිසුරු නම් කෙරේ

colombotoday

තලංගම හෝටලයක කාන්තා මළ සිරුරක්

Admin

සෑම සතියකම සහල් මෙට්‍රික් ටොන් 1500 ක් මෙරටට

colombotoday