extremism & terrorism activitiesWorld

ඉස්ලාම් ත්‍රස්තවාදීන්ට අරමුදල් සැපයීම. ස්පාඥ්ඥ මුස්ලිම් ප්‍රජාවේ ඉහලම නායකයාගෙන් පොලිසිය ප්‍රශ්න කරයි

ඉස්ලාම් ත්‍රස්තවාදීන්ට අරමුදල් සැපයීම පිළිබඳ විමර්ශනයක කොටසක් ලෙස ස්පාඥ්ඥයේ මුස්ලිම් ප්‍රජාවේ ඉහළ නියෝජිතයා එරට පොලීසිය රඳවාගෙන ප්‍රශ්න කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ස්පාඥ්ඥයේ ඉස්ලාමීය කොමිසමේ ප්‍රධානියා වන මොහොමඩ් අයිමන් ඇඩ්ල්බි අඟහරුවාදාසවස අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් පසුව නිදහස් කළ බව ජාතික පොලිසියේ ප්‍රකාශකයෙක් පැවසීය.

ඔහු අත්අඩංගුවට ගැනීම ත්‍රස්ත විරෝධී විමර්ශනයක කොටසක් බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග ඒඑෆ්පී වෙත පවසා ඇත.

ස්පාඥ්ඥයේ මාධ්‍ය පැවසුවේ අල්කයිඩා, සිරියාව සහ අනෙකුත් ගැටුම් කලාප වෙත මුදල් යවා ඇති ජාත්‍යන්තර අන්තවාදී අරමුදල් ජාලයක් පිළිබඳව විමර්ශනය යොමු වී ඇති බවයි.

එහෙත් පොලීසිය හෝ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් පරීක්ෂණයේ නිශ්චිත ස්වභාවය පිළිබඳ වාර්තා තහවුරු කර නැත.

ස්පාඥ්ඥයේ ඉස්ලාමීය කොමිසම එරට රාජ්‍ය ආයතන තුල මුස්ලිම්වරුන් නියෝජනය කරන අතර රටේ මුස්ලිම් පල්ලිවල ආගමික සේවාවන් මෙන්ම මුස්ලිම් අධ්‍යාපනයද අධීක්ෂණය කරයි.

අයිමන් ඇඩ්ල්බි එහි ප්‍රධානියා ලෙස පසුගිය වසරේ දී පත් කරන ලදි.

ස්පාඥ්ඥයේ ත්‍රස්තවාදය හා සම්බන්ධ ගැටළු සම්බන්ධයෙන් කටයුතු කරන විමර්ශන ඒකකයක් විසින් පරීක්ෂණය මෙහෙයවනු ලැබේ.

යුරෝපයේ දරුණුතම ඉස්ලාම් අන්තවාදී ප්‍රහාරය 2004 වසරේදී ස්පාඥ්ඥයේ මැඩ්රිඩ් හි මගී දුම්රිය වලට එල්ලවූ බෝම්බ ප්‍රහාරය හැඳින්විය හැකිය. එම ප්‍රහාරයෙන් පුද්ගලයින් 191 දෙනෙකු මිය ගොස් තවත් 2,000 ක් තුවාල ලැබූහ.

Related posts

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවර පාලනය මුස්ලිම් හස්ථයක් යටතට !

colombotoday

උතුරු ටැන්සානියාවේ පතලක නායයාමක් – 22 ක් මරුට

Admin

ඊජිප්තුව සහ රුසියාව අතර ගුවන් ගමන් රුසියාව නවතාදමයි

colombotoday

බ්‍රිතාන්‍ය නිල වශයෙන් යුරෝපීය සංගමයෙන් ඉවත් වෙයි

colombotoday

ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් ට කොවිඩ්

colombotoday

සමලිංගික සමාජ ශාලාවේ වෙඩි තැබීමෙන් 50ක් මරුට.. සමලිංගිකයන් සමූලඝාතනය කරන්නැයි මුස්ලිම් පූජකයෙක් කියලා

colombotoday