Colombo Today Local News

ලංකාවේ ආයෝජනයට මුදල් ඇමති ගෙන්වූ සුපිරි ආයෝජකයා මෙන්න “හර්බජන් සිං”

ශ්‍රී ලංකාවේ ආයෝජන කටයුතු කිරීම සදහා ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයකු වන හර්බජන් සිං පැමිණ ඇති අතර ඒ සම්බන්ධයෙන් මූලික වටයේ සාකච්ඡාවක් ඊයේ (22දා) මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මුදල් අමාත්‍යාංශයේදී සමග පවත්වා ඇත.

වෙනත් විදෙස් රටක ආයෝජනය කරනවාට වඩා ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සතුටට කරුණක් බවත් එය දෙරටේ සම්බන්ධය තව තවත් වැඩි කරන්නක් බවත් සාකච්ඡාවලින් පසු හර්බජන් සිං පැවසීය.

මෙහිදී මුදල් ඇමතිවරයා කියා සිටියේ අයවැය මගින් විදේශ ආයෝජකයන් දිරිමත් කිරීමේ පහසුකම් ලබා දී ඇති හෙයින් මෙවැනි සුපිරි ආයෝජකයන් මෙරට ආයෝජනයට පැමිණෙන බවයි.

 

Related posts

විල්පත්තුවේ වන විනාශයක් නැහැ – බදුර්දින්ගේ ගෝලයා ගෙනආ යෝජනාව ඒකමතිකව සම්මත වේ

colombotoday

පාසල් ගිය බසයටම යට වී 6 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට

Admin

අර්ජුන ඇලෝසියස් හිස් අතින් හැරී යයි. බදු වංචා කරමින් අරක්කු මාෆියාව ජයටම.

colombotoday

ආනවිළුන්දාව අභයභූමිය ඩෝසර් කළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව ආරච්චිකට්ටුව පොලීසිය කියයි

colombotoday

ධනුෂ්ක ගුණතිලක දිවයිනට

Admin

හෙටත් පාර්ලිමේන්තු යනවාද නැද්ද? ආණ්ඩු පක්ෂය තීරණයක් ගනී….

colombotoday