Colombo Today Local News

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය පහළට

කොළඹ, කුරුණෑගල, ගම්පහ සහ යාපනය ඇතුළු ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය පහළ ගොස් තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ පරිසර අංශයේ අධ්‍යක්ෂ සරත් ප්‍රේමසිරි මහතා සඳහන් කළේ , සුළඟේ දිශාව වෙනස්වීම, කැලි කසළ පිලිස්සීම මෙන්ම නගරවලට දෛනිකව ඇතුළුවන රථ වාහන සංඛ්‍යාව ඉහළ යෑම මෙම තත්වයට හේතු වී ඇති බවයි.

අද පෙරවරු 8.00 වනවිට ගම්පහ නගරයේ වායු ගුණාත්මක අගය ඒකක 117 ලෙස සටහන් වූ අතර කොළඹ ප්‍රදේශයේ පැවතියේ ඒකක 95 ක් ලෙසය.

මහනුවර ප්‍රදේශයේ වායු ගුණාත්මකභාවය ද පහළ ගොස් ඇති අතර , එය ඒකක 91 ක් ලෙස සටහන්ව තිබුණි.

Related posts

ඇඳිරි නීතිය පැනවෙන වේලාව සංශෝධනය කෙරේ

colombotoday

යාපන අර්ධද්වීපයෙන් තරුණ තරුණියෝ 1600 යුද හමුදාවට

colombotoday

LIOC සමාගමට නව ඉන්ධන පිරවුම්හල් 50ක් ස්ථාපනය කිරීමට අවසර

colombotoday

යාපනයේ ලැඟුම්හලක් තුළ පවත්වාගෙන ගිය ස්කාගාරයක් වටයි

colombotoday

කාලෝ ගෙදර යවා සයිටම් නියෝජිතයෙක් වෛද්‍ය සභාවට පත්කර ගැනීමේ තැතක් !

colombotoday

විග්නේෂ්වරන් පාළාත්සභාවට ඉඩම් බලතල ඉල්ලයි

colombotoday