ශ්‍රී ලංකාව තුළ මේ වන විට මුද්‍රණ කඩදාසි හිඟයක් පවතින බව ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමය පවසයි.
කඩදාසි සඳහා වැයවන මිල ගණන් 30%කින් පමණ ඉහළ ගොස් ඇති අතර පවතින බහාලුම් හිඟය හමුවේ බහාලුම් මිල ගණන්ද ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමයේ සභාපති ඩිලාන් සිල්වා මහතා සඳහන් කර ඇති බව වාර්තා වේ.
මුද්‍රණ කඩදාසි වැඩි වශයෙන් චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව සහ කොරියාව යන රටවලින් ආනයනය කරනු ලබයි.