Colombo Today Local News

කුඹල්ඔලුවේ මහා පරිමාණ කසළ තේ සැකසුම් මධ්‍යස්ථානයක් වටලයි

පුඬළුඔය, කුඹල්ඔලුව ප්‍රදේශයේ රහසිගත ලෙස යන්ත්‍ර සුත්‍ර භාවිතා කරමින් කසල තේ භාවිතා කල හැකි තේ කුඩු බවට සකසන මහා පරිමාණ කසල තේ සැකසුම් මධ්‍යස්ථානක් ඊයේ (19)දින රාත්‍රියේ සිදු කරන ලද වැටලීමකදී සොයා ගත්බව තලවකැලේ පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

මෙම තේ සැකසුම් මධ්‍යස්ථානයේ තේ කුඩු සැකසීම සඳහා ගබඩා කොට තිබු කසල තේ කුඩු කිලෝ 4195 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

බලපත්‍ර නොමැතිව ඉතාමත් රහසිගතව මෙම ස්ථානයේදී කසල තේ කුඩු යන්ත්‍ර සුත්‍ර භාවිතා කරමින් පිරිසිදු තේ කුඩු ලෙස ව්‍යජ අන්දමින් සකස් කිරීමෙන් පසුව ඒවා අලෙවි කිරීම සඳහා වෙළෙඳ පොලට නිකුත් කොට ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ කසල තේ කුඩු තොගය නීතිමය කටයුතු සිදු කිරීම සඳහා පුඬළුඔය පොලීසියට භාරදීමට පොලිස් විශේෂ කාර්ය බලකාය පියවර ගෙන තිබේ.

Related posts

ප්‍රබල ඇමති මහ නුවර වැව රවුමෙන් කෝටි 250ක ඉඩමක් ගන්න යයි…

colombotoday

ඉන්දියාවේ අභ්‍යන්තර කටයුතුවල අත නොතබන්නැයි ඉන්දීය රජය අල් හුසේන්ට දන්වයි

colombotoday

Covid 19: නීතිපති දෙපාර්තමේන්තුව තාවකාලිකව වසා දමයි

colombotoday

ආණ්ඩු පෙරළියට සූදානම්… වාසුගේ සහය මෛත්‍රී පිලට !

colombotoday

ජනපති රනිල්ගෙන් අඹේවෙල ගොවිපොළට තෑග්ගක්

Admin

2023 අ.පො.ස. උසස් පෙළ ඇරඹෙයි

Admin