Colombo Today Local News

බ්‍රිතාන්‍ය මහාධිකරණය මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහි වෙස්ට්මින්ස්ටර් මහෙස්ත්‍රාත් අධිකරණය දුන් නඩු තීන්දුව ඉවතදමයි

එක්සත් රාජධානියේ මහාධිකරණය විසින් ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස සේවයේ නියුතු ව සිටි මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට විරුද්ධව වෙස්ට්මින්ස්ටර් මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ලබා දී තිබු තීන්දුව ඉවතදමා තිබේ.

ඒ අනුව, එම මහෙස්ත්‍රාත් අධිකරණය විසින් 2019 දෙසැම්බර් 06 වනදා ලබා දුන් තීන්දුව ඉවතදමා මේජර් ජෙනරාල් ප්‍රනාන්දු එම චෝදනාවෙන් නිදහස්කර තිබේ.

2018 වසරේ පෙබරවාරි 04 වැනිදා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට එල්.ටී.ටී.ඊ සංවිධානයට සහය දක්වමින් උද්ඝෝෂණයේ නිරත පිරිසකට හස්ත සංඥාකරමින් තර්ජනය කළ බවට කියන සිද්ධියක් සම්බන්ධයෙන් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව බ්‍රිතාන්‍යයේ වෙස්ට්මින්ස්ටර් අධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබුණි.

2019 දෙසැම්බර් 06 වනදා එහි තීන්දුව ලබාදෙමින් අධිකරණය නියෝග කර ඇත්තේ මහජන සාමය පනත උල්ලංඝනය කිරීමේ වරද වෙනුවෙන් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට පවුම් 2400ක දඩ මුදලක් නියම කරන ලෙසය.

ඊට එරෙහිව ප්‍රියංක ප්‍රනාන්දු මහතා බ්‍රිතාන්‍යයේ මහාධිකරණයට අභියාචනාවක් ඉදිරිපත් කර තිබුණි.

ඊයේ (19) දිනයේ එම අභියාචනයේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් බ්‍රිතාන්‍ය මහාධිකරණය ප්‍රියංක ප්‍රනාන්දු මහතා සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කර ඇති බව ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේය.

Related posts

ISIS ත්‍රස්තයෙකුගේ හැටන් නිවසින් පිහි තොගයක් හසුවෙයි… කිතුණු පල්ලිවල ආරක්ෂාව තර කෙරේ…

colombotoday

මා බිහිකළ සුජාත දරුවා අපචාරයට ලක් වෙලා….

colombotoday

ඉදිරි සංවර්ධන සැලසුම් සහ ප්‍රතිපත්ති ගැන ලෝක බැංකු නියෝජිතයන් සමග සාකච්ඡාවක්

Admin

කද බඩ පමණක් ඇති මොලයක් නැති 08 පාස් ප්‍රසන්න ගම්පහ උගත් අපේක්‍ෂකයන්ට බයවෙලා

colombotoday

විග්නේෂ්වරන් අත්අඩංගුවට ගත්තොත් තවත් සැර වෙයි.. ව්‍යවස්ථාව කැඩුවට එයා නීතිය කැඩුවේ නෑනේ

colombotoday

“විජයදාසගේ කෘතිය ඔහුට විරුද්ධව විනය පරීක්ෂණයක් පවත්වන්න හේතුවක් විය හැකියි”

colombotoday