Colombo Today Local News

සීනි මිල අඩු නොවීමට හේතු වුනේ සීනි ආනයනයේදී ක්‍රියාත්මක වූ වෙළෙඳ මාෆියාව – දයාසිරි ජයසේකර

සීනි බදු අඩු කිරීමෙන් රජය ලබාදීමට සැලසුම් කළ සහන ජනතාවට නොලැබුණේ සීනි ආනයනයේදී ක්‍රියාත්මක වූ වෙළෙඳ මාෆියාව හේතුවෙන් බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

මහනුවර පල්ලේකැලේ ප්‍රදේශයේ ඊයේ (18)දින පැවති වැඩසටහනකින් අනතරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත.

“බදු අඩු කිරීම සාමාන්‍යයෙන් ආණ්ඩුවක ප්‍රතිපත්තියක්.ප්‍රතිපත්තියක් විදිහට අණ්ඩුව ගත්තු තීන්දුවක්. රුපියල් 125ට ගිය සීනි මිල රුපියල් 85 දක්වා ගේන්න අවශ්‍යයි කියන ඒක. හැබැයි ඒ බදු අඩු කිරීම තුළ අත්වෙච්ච ප්‍රතිඵලය අපිට අත්කරගන්න බැරි වුණා. ඒක සිද්ධ වුණේ මේ රටේ තියෙන වෙළෙඳ මාෆියාව තුළ.මේ සම්බන්ධව වංචාවක් සිදු කරලා තියෙනවා නම් ඒ සම්බන්ධව අනිවාර්යයෙන් දඩුවම් දෙන්න ඕන. වෙළෙඳාම තුළ තමන්ගේ ගාන තියාගන්න කරන වැඩපිළිවෙල මේක තුළ සිද්ධ වෙන්න පුළුවන්. ඒක නැතිකරන්න බෑ. හැබැයි ඒක ආණ්ඩුවේ කවුරු හරි කතා කරලා කරයි කියලා ඔප්පු කරන්න පුළුවන් කාරණයක් මෙතන නෑ,”

Related posts

ඇඳිරි නීතිය කඩකර අත්අඩංගුවට ගෙන නඩු පැවරූ පුද්ගලයින් 7387 දෙනෙකුට දඬුවම් නියම කරයි

colombotoday

වෙඩික්කරුගෙන් කායවර්ධන උපදේශකවරයෙකු අනූනවයෙන් බේරෙයි

Admin

විල්පත්තු සංහාරය නොනවතී.. බදුර්දීන්ට යටවූ වන නිලධාරීන් ජනපතිත් අන්දන්න යයි (Video)

colombotoday

ජයග්‍රහණයට වෙට්ටු දැමූ බවට සජිත් පිළෙන් රනිල්ට චෝදනා !

colombotoday

මාකඳුරේ මධුෂ් ඉතාලියට පනී..

colombotoday

නරුමයන් තුනක් අතින් අපයෝජනයට ලක්වූ හම්බන්තොට දැරිය මිය යයි

colombotoday