Colombo Today Local News

සීසර්ලාගේ සංගමයක් පිහිටුවාගෙන අලුත් විදියට කරන පරණ සෙල්ලම පටන් අරන්

මේ වන විට ලීසිං සමාගම්වල පිරිසක් සම්බන්ධවී සීසර්ලාගේ සංගමයක් පිහිටුවාගෙන එය ලියාපදිංචි කර මුදල් ඇමැතිවරයාත් දැනුවත් කර නැවතත් ලීසිං ගෙවා ගන්න බැරිව අසරණව සිටින ත්‍රිරෝද රථ කුමන මොහොතක හෝ රැගෙන යාමේ පරණ සෙල්ලම අලුත් විදිහකට පටන්ගන්න කටයුතු කරමින් තිබෙනවා යැයිද, රජය ලීසිං සමාගම්වලට එකක් කියා අපිට වෙන එකක් කියා දිගින් දිගටම අපි රැවටීමකට ලක්කරමින් සිටින බව ද රත්නපුර දිස්ත්‍රික් ත්‍රිරෝද රථ රියැදුරන්ගේ සංගමයේ සභාපති ජේ.පී.ජී.ඩී.එස් ජයසිරි පැවසීය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක් වූ ජයසිරි,

“කොවිඩ් වසංගතයත් සමග රට පුරා ඉන්න එකොළොස් ලක්ෂ තිස්දහසක් වන (1130000) වෘත්තීය ත්‍රිරෝද රථ රියැදුරන් විශාල අපහසුතාවන්ට මුහුණදී සිටිනවා. මේ පිරිසගෙන් අති බහුතරයක් දෙනා මුලින් කීයක් හරි දී ලීසිං පහසුකම් යටතේ ත්‍රිරෝද රථයක් ගෙන රැකියාව ලෙස හයර් කිරීම සිදුකරමින් රජයට බරක් නොවී ජනතාවටත් සේවයක් කරමින් අඹු දරුවන් නඩත්තු කර ජීවත් වනවා.

රජය මෙම කොවිඩ් වසංගතය ආරම්භ වුණු කාලයේ සිට දෙවරක් ලීසිං කර වාහනයක් ලබා ගත් අයට මාස හය බැගින් ලීසිං ගෙවීම දීර්ඝ කර සහන කාලයක් ලබා දුන්නා. ඒත් දැන් මේ අයට සිදුව තිබෙන්නේ ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්න වගේ වැඩක්. දැන් ලීසිං සමාගම් වාරික නොගෙවූ කාලයට අදාළ හිඟ මුදල් (11%ක් වන පොලියත් සමග) සකස්කර මේ අයට ගෙවන්න කියනවා. සමහර අයට ලක්ෂය දෙක වගේ ගාණක් ගෙවන්න සිදුව තිබෙනවා.

ඔවුන් කියන්නේ ගෙවන්න තියෙන ගාණෙන් හරි අඩකට වඩා එකවර ගෙවීම අනිවාර්යයෙන් සිදුකරන ලෙසයි. ඒ කියන්නෙ ලක්ෂයක් ගෙවීමට ඇති අයෙකු එකවර රුපියල් පනස්දහසක් ගෙවන්න කියනවා. ඊට රුපියලක්වත් අඩුවෙන් ගෙවන්න එපා කියනවා. නැත්නම් තව ටික දවසකින් වාහනය රැගෙන යාමට සිදුවන බවත් කියනවා. ඒ නිසා අපේ සාමාජිකයන් පත්ව සිටින්නේ විශාල පීඩාවකට.

ලීසිං සමාගම්වල සුරංගනා කතාවලට රැවටුණු බොහෝ දෙනෙක් මේ වනවිට ලීසිං ගෙවා ගන්න තමන්ගේ රත්‍රං බඩු ගේ දොර උකස් කර ඒවාත් සින්න වී පාරට වැටෙන තත්ත්වෙකට පත්ව තිබෙනවා.”

Related posts

රාවණා 1 ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට සම්බන්ධ වෙයි

colombotoday

හිරුණිකා අත්අඩංගුවට ගැනීමට සියල්ල සූදානම් – අනවසර ගිනිඅවි භාවිකා කළාදැයි සැකයක්?

colombotoday

හින්දු කෝවිලකට පහර දී ප්‍රතිමා හා භාණ්ඩ රැසක් කුඩුපට්ටම් කරයි

colombotoday

ජවිපෙ 20 ගේන්නේ බෙදුම්වාදී වස කුප්පිය ජනතාවට පොවන්නයි

colombotoday

සමගි ජන බලවේගයේ, කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ පුතු පුද්ගලයෙකු යටකර පළා යයි

colombotoday

සිරිසේන – රනිල් රූකඩ, නපුංෂක පාලනය මේ රට නැවත ලේ විලකට ඇදගෙන යනවා – ඤාණසාර හිමි

colombotoday