Colombo Today Local NewsUncategorized

එන්නත් ලබාගෙන රටින් එන අය ගෙදරම නිරෝධායනයට

කොවිඩ් -19 එන්නත් ලබාගෙන මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිවෙස් නිරෝධායනට යොමු කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වි ඇත.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයගේ තීරණය බලන 15 වැනි දා ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි කෝවිඩි -19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

කොවිඩ්-19 මර්දන එන්නත ලබාගෙන පැමිණෙන පුද්ගලයින් පී.සී.ආර් පරික්ෂණයකට යොමු කිරීමෙන් පසුව නිදහස් කිරීම සඳහා තමා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කළ බව ද යුද හමුදාපති කීය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ තාක්ෂණික කමිටුවහා සකච්ඡා කර ඒ සම්බන්ධයෙන් තිරණයක් ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් එහිදී තමාට දැනුම් දුන්නේ යැයි ද ඔහු ප්‍රකාශ කළේය.

Related posts

මිල සූත්‍රයෙන් කිරිපිටි මිල ඉහළට…

colombotoday

තෙවරපෙරුම සැප්තැම්බර් 16 දක්වා රිමාන්ඩ්

colombotoday

පොලිස් වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මිය යයි.. යාපනයේ උණුසුම් තත්ත්වයක්

colombotoday

කොළඹ වරාය නගර ව්‍යාපෘතියට එරෙහිව ගොනුකර තිබූ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

colombotoday

IMF ගිවිසුමට පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Admin

ත‍්‍රස්තවාද වැලැක්වීමේ පනත වෙනුවට ගෙනෙන නව පනත පරද්දවනවා – ශ්‍රී.නි.ප මහලේකම් දයාසිරි ජයසේකර

colombotoday