Colombo Today Local News

මේ රජයට ජාත්‍යන්තර සබඳතා ගැන වියත් දැනුමක් නැහැ

මෙරට පැවැත්වෙන බිම්ස්ටෙක් අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳහා මියන්මාර රජයේ විදේශ අමාත්‍යවරයාට ආරාධනා කිරීම ගැටලු සහගත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එමඟින් තහවුරු වන්නේ වත්මන් මියන්මාර් පාලනය ශ්‍රී ලංකා රජය පිළිගෙන ඇති බවය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම අදහස් පළ කළේය.

“ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරමින් මිලිටරිකරණයක් හරහා මියන්මාරයේ ඊනියා ආණ්ඩුවක් අව නීතියෙන් බිහිවුණ ආණ්ඩුවක් අද නිර්මාණය වෙලා තියෙනවා. වර්තමාන ශ්‍රී ලංකා ආණ්ඩුවේ විදේශ අමාත්‍යවරයා මියන්මාරයේ සිදුවුණ මිලිටරිකරණ ඒකාධිපති වියරුව නොසලකා මිලිටරි ඊනියා ආණ්ඩුවකින් බිහිකරපු විදේශ අමාත්‍යවරයාට ලිපියකින් ආරාධනා කරනවා බිම්ස්ටෙක් සමුළුවට සහභාගි වෙන්න කියලා. මේක ජාත්‍යන්තර සබඳතා තුළ සිදුවෙන දෙයක් මම හිතන්නේ මේ රජයට ජාත්‍යන්තර සබඳතා පිළිබඳ වැඩි දැනුමක් නොමැති තත්ත්වයක් තුළ මේ බරපතළ වරද ක්‍රියාත්මක කරලා තියෙන්නේ. “

කෙසේවෙතත් අදාළ ආරාධනය සිදුකිරීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කිරීමක් සිදුකර තිබුණි.

බිම්ස්ටෙක් සමුළුවට සමාගීව පැවැත්වෙන 17 වෙනි බිම්ස්ටෙක් අමාත්‍ය රැස්වීම ලබන අප්‍රේල් මස 01 වන දින කොළඹදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා සියලුම සාමාජික රටවලට ආරාධනා කිරීම සිදුකරන බැවින් මියන්මාර රජයටද එම ආරාධනය සිදුකර ඇති බව එහි දැක්වේ.

එමඟින් වත්මන් මියන්මාර පාලනය පිළිගැනීමක් සිදු නොවන අතර බිම්ස්ටෙක් සමුළුව පිළිබඳ ලේඛනවල කටයුතු අවසන් කිරීමේ අරමුණෙන් සාකාච්ඡාවලට සහභාගී වීම සඳහා සියලුම සාමාජික රටවලට සිදුකෙරෙන ආරාධනයක් පමණක් වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සිය නිවේදනය මඟින් සඳහන් කර තිබේ.

Related posts

මල්ලී ඇටවූ විදුලි රැහැනක පැටලී අයියා එලොව යයි

Admin

මගී ගුවන් යානා සඳහා ලංකාවට ඇතුල්වීමේ තහනම දිගටම

colombotoday

ගිනි අවි සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

මාධ්‍ය ප්‍රකාශක ධූරය කට හැකර මරික්කාර් ට දුන්නට සමගි ජන බලවේගයේ අපේක්ෂකයන්ගේ විරෝධය

colombotoday

අපනයනය කෙරෙන තේ වලට බලපත්‍ර ගාස්තුවක්

Admin

අර්ජුන මහේන්ද්‍රන්ගෙන් ප්‍රකාශයක් ගන්න ඉන්ටපෝල් නිල් වරෙන්තුවක් ඉල්ලයි

colombotoday