Colombo Today Local News

අසාද් සාලිට වැඩ වරදින ලකුණු. ICCPR සහ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ වරදක් කරලා ?

හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා සිදුකල ප්‍රකාශයකට විරුද්ධව ත්‍රියිනිකායික භික්ෂූ එකමුතුව වෙනුවෙන් එහි සම්බන්ධිකාරක හිමියන් වන පූජ්‍ය පස්සරමුල්ලේ පඥ්ඥාජෝති හිමි විසින් අද(12) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

එම පැමිණිල්ල මගින් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් බවත් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත සහ 2007 අංක 56 දරණ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් අසාද් සාලි මහතා සිදුකර ඇති බවයි..


අදාළ පැමිණිල්ල මෙසේයි…

ස්ථානාධිපති,
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව,
කොළඹ.

අසාද් සාලි මහතාගේ ප්‍රකාශයක් පිළිබඳව සිදුකරන පැමිනිල්ලයි.

හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා විසින් පසුගිය 9 වනදා (2021-03-09) කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින්, “අපිට කුරුවානයයි, හදීසයයි ෂරියයි තමයි අපේ නීතිරීතිනම් අපි ඒක ගරුකරනවා මිසක් රජයේ නීති බලන්නේ නෑ. රජයේ නීති තියෙන්න පුළුවන්. රජයේ නීතිය රජයට. රටට. ඒක එක පැත්තක තිබිච්චදෙන්. අපේ රටාව ඇවිල්ලා අපේ නීතිය. කුරුවානයේ හදීස්, නබි තුමාගේ හදීස් එක. ඒ ඇරෙන්න අපිට ඊට මීට නීතියක් අපිට නෑ. අපි ඒක තමයි ගරු කරන්නේ. අපි ඒක පිට තමයි ජීවත් වෙන්නේ. මෙච්චරකල් ජීවත් වුනේම එහෙම. අවුරුදු 73 ක් නිදහස හම්බුවෙලා තිබිච්ච නීතිය මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආවා කියලා වෙනස් කෙරුවා කියලා අපිව වෙනස් කරන්න බෑ. අපේ නීතිය අපිට. ” යනුවෙන් ප්‍රකාශ කර ඇත.

මෙම ප්‍රකාශය ප්‍රසිද්ධ මාධ්‍ය ගණනාවක පලවී තිබූ අතර එමගින් රජය විසින් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුල සම්මත කරන නීතිවලට තමන් යටත් නොවන බව ප්‍රකාශ කිරීමට අසාද් සාලි මහතා උත්සහ ගනියි. නීතියට අවනත නොවන බව පවසීමම ශ්‍රී ලංකාවේ දණ්ඩනීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි.

මීට වසර ගණනාවකට ඉහතදී නබි නායක තුමා පිළිබඳව සඳහන් කළහොත් මරාගෙන මැරෙන බවට අසාද් සාලි මහතා විසින් ප්‍රකාශයක් නිකුත් කල අතර ඊට විරුද්ධව ද නීතිය ක්‍රියාත්මක වීමක් දක්නට නොලැබුණි. පාස්කු ප්‍රහාරයේදී මරාගෙන මැරුණු සහරාන් අවසාන වශයෙන් නිකුත් කර ඇති වීඩියෝ පටයේ මරාගෙන මැරීමට හේතුව වශයෙන් නබි නායක තුමාට අපහාස සිදුකිරීම ලෙස දක්වා ඇත. එවැනි වාතාවරණයක් තුල මෙවැනි ප්‍රකාශ සිදුකිරිමම ත්‍රස්තවාදීන්ට උත්තේජනයක් ලබා දීමකි. ආගමික නීති රීති අනුව මුස්ලිම් තරුණයන් ත්‍රස්තවාදයට නැබුරු වීමට මෙම ප්‍රකාශ අනුබල ලබා දීමක් සිදු වේ. එබැවින් අසාද් සාලි මහතා 2021-03-09 දින සිදුකල ප්‍රකාශය ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ දඬුවම් ලැබිය හැකි ප්‍රකාශයකි.

එමෙන්ම මෙවැනි ප්‍රකාශ හේතුවෙන් ජාතින් අතර අසමගිය වර්ධනය වීමට ඉඩ ඇත. තමන් ගරු කරන්නේ රජයේ නීතියට නොව ෂරියා නීතියට බව ඔහු පවසා ඇත. ඒ සඳහා බෞද්ධ හෝ කතෝලික සමාජය ප්‍රතිචාර දැක්වීමට ගියහොත් එය රට තුල ජාතිවාදී ගැටුමක් දක්වා දුරදිග යාමට හැකිය. එබැවින් 2007 අංක 56 දරණ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් අසාද් සාලි මහතා සිදුකර ඇත.

මේ පිළිබඳව නිසි විමර්ශනයක් සිදුකර අසාද් සාලි මහතා සිදුකල ප්‍රකාශයට එරෙහිව නිසි නිත්‍යානුකුල පියවරක් ගන්නා ලෙස ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

තෙරුවන් සරණයි.

පස්සරමුල්ලේ පඥ්ඥාජෝති හිමි.
ත්‍රියිනිකායික භික්ෂූ එකමුතුව

Related posts

ස්වාධීන කොමිෂන් සභා සඳහා අයැදුම්පත් කැඳවීම අද සිට

Admin

අධ්‍යාපන ඇමතිගේ ‘ඩෙංගු ඇඳුම්‘ දැන් වෙළදපොලේ !!

colombotoday

හමුදා සාමාජිකයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කළ හිටපු යුද හමුදා සාමාජිකයෙකුට මරණ දඬුවම

Admin

කුකුළු මස් මිල තීරණයටත් කමිටුවක් පත් කරයි

colombotoday

ජාතික රෝහලේදී ප්‍රතිජීවක ඖෂධයක් ලබාදීමෙන් මියගිය රෝගියාගේ ජෛව සාම්පල ඉන්දියාවට..

Admin

උපේක්ෂා ස්වර්ණමාලි (පබා) අත්අඩංගුවට

colombotoday