Colombo Today Local News

පාස්කු ප්‍රහාර සිද්ධිය ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ සමගි ජන බලවේගයේ මන්ත්‍රී අශෝක් අබේසිංහ අදත් CIDය මඟහරී

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සහ ඊට මුදල් යෙද වු පුද්ගලයන් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා සිටි ජාතික සමගි ජනබලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක් අබේසිංහ මහතා දෙවන දිනටත් අද (9)දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ඒ මහතාගේ නීතිඥවරයකු අද දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ කරුණු දක්වමින් වෙනත් දිනයක් ඉල්ලා සිටි බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

ප්‍රකාශයක් ලබා ගැනීම සදහා ඊයේ (8) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ඒ මහතාට දැනුම් දුන්නද ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට නොපැමිණියේය.

අශෝක් අබේසිංහ මන්ත්‍රිවරයා කළ මෙම ප්‍රකාශයට විරුද්ධව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හය දෙනකු හා ඇවන්ට්ගාඩ් ආයතනයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කර තිබිණි.

Related posts

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 109 දක්වා ඉහළට

colombotoday

ඇදිරි නීතිය ඉවත් කෙරේ.. ආරක්ෂාව තර කෙරේ

colombotoday

රාජ්‍ය ආයතනවල සේවය කරන ගර්භනී මවුවරුන් සේවයට කැඳවීම අත්හිටුවයි

colombotoday

රාජ්‍ය ඇමැති සනත් නිශාන්තට සිතාසි

colombotoday

කෝටියක කේරළ ගංජා සමඟ දෙදෙනකු අත්අඩංගුවේ

colombotoday

පවුල් ආරවුලක් නිසා සැමියා බිරිඳ ඝාතනය කරයි

Admin