Colombo Today Local News

ජාත්‍යන්තර දිරිය කාන්තාවන් 14 දෙනාගේ ලැයිස්තුවට ශ්‍රී ලාංකික නීතිඥවරියක්

ජාත්‍යන්තර දිරිය කාන්තාවන්ගේ ලැයිස්තුවට ශ්‍රී ලාංකික කාන්තාවක් ද ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඇතුළත් කරනු ලැබ තිබේ.

නීතීඥවරියක සහ සිවිල් ක්‍රියාකාරිනියක වූ රනීතා ඥාණරාජා එම කාන්තාවයි.

අද එරට වේලාවෙන් පෙරවරු 10 ට රනීතා ඥාණරාජා ඇතුළු කාන්තාවන් 14දෙනෙකුට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්මාන පිරිනැමීමට ද නියමිතයි.

ඒ, ඇමරිකානු ජනාධිපති ආර්යාව සහ රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන්ගේ සහභාගීත්වයෙන්.

රනීතා ඥාණරාජා මහත්මිය තර්ජන හා අභියෝග මධ්‍යයේ වුවද රටේ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් දිගින් දිගටම සටන් වදින හා ඔවුන් ආරක්ෂා කරන නීතිඥවරිය ලෙස කටයුතු කරන්නියක බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් දෙපාර්තමේන්තුව සදහන් කර සිටි.

Related posts

ඉඩම් වංචාවක් ගැන හොයන්න විපක්ෂ නායක මුතුරාජවෙලට යයි

colombotoday

IOC තවත් බාල ඉන්ධන තොගයක් ගෙන්වයි.. පළමු පරීක්ෂණයෙන් අසමත්

colombotoday

යහපාලන ආණ්ඩුව පසුගිය අවුරුදු 3ක් තිස්සේ කරපු වැඩ ගැන ජනපති කියයි

colombotoday

ශානිට අලුත් පට්ටමක්

Admin

ඉන්ධන මිල සූත්‍රය නොගැලපෙන්නක් – හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක

colombotoday

බයිබලයට අනුව, නව අගවිනිසුරු නලින් පෙරේරා තමාගේ පළමු කතාව කරයි.

colombotoday