Colombo Today Local News

කොමිෂන් සභා වාර්තාව අසම්පුර්නයි. කලු ඉරිදා විරෝධයට එක්වෙමින් කාදිනල් තුමා කියයි

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය හා සාධාරණය ඉටුවන තුරු අඛණ්ඩව විරෝධාතා ක්‍රියාමාර්ගවල නිරතවන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පවසයි.

අගරදගුරු පදවිය විසින් ප්‍රකාශයට පත්කළ කළු ඉරිදා විරෝධයට සමගාමීව කොච්ච්කඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ඉදිරිපිට පැවැති සාමකාමි විරෝධතාවයට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටි.

“අපි මේ විරෝධතාවය පවත්වන්නේ සාධාරණය ඉෂ්ඨ වෙයි කියන බලාපොරොත්තුවකින්. මේ ප්‍රහාරය පිටිපස්සේ හිටියෙ කවුද කියන එක දැනගන්න තමයි කොමිෂන් සභාවෙන් අපි අපේක්ෂා කළේ. ඒක කොයිතරම් දුරට ක්‍රියාත්මක වෙලා තියෙනවා ද කියලා අපි දන්නේ නෑ. මම මේ දවස්වල ඒ වාර්තාව කියවමින් සිටිනවා. මේ වාර්තාවේ නිර්දේශ කරලා තියෙන හුගාක් කරුණු ක්‍රියාත්මක කරන්න පුළුවන්. විශේෂයෙන්ම වරදකරුවන් කරලා තියෙන අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම වැදගත් වෙනවා. අවංක විමර්ශනයක් කිරීම සඳහා රජය මීටවඩා කැපවීමෙන් කටයුතු කරන්න ඕන කියන එකයි මගේ හැඟීම. මම කල්පනා කළේ අර 6 දෙනෙකුගෙන් යුතු කමිටුවක් පත්කිරීම අවශ්‍ය ද කියන එක. මෙතනදි  අවශ්‍ය වෙන්නේ කෙලින්ම ජනාධිපතිතුමා තමන්ට කරන්න තියෙන දේවල් ප්‍රායෝගික මට්ටමින් කරන්නට යොමුවෙන එක. කොටසක් විතරක් තෝරගෙන ඒ අයට විතරක් දඬුවම් කරන්නට කටයුතු කළොත් ඒක වැරදියි. අපිට යම්කිසි සලකුණක් ස්ථීර වශයෙන් ලැබෙන තුරු මේ විරෝධතා ව්‍යාපාරය දිගටම පවත්වාගෙන යනවා අනිකුත් ආගමික සංවිධානත් සම්බන්ධ කරගෙන. මේ මුළු රටේම ජනතාවට බලපාපු ප්‍රශ්නයක්,” යනුවෙන් කාදිනල් හිමියන් පෙන්වා දුනි.

මෙම විරෝධතාව සඳහා සහාය ලබාදෙමින් ජාතික භික්ෂු පෙරමුණේ භික්ෂූන් වහන්සේ කිහිප නමක් ද ඊට එක්ව සිටියහ.

Related posts

එදා මා පැවසූ දේවල් අද අකුරක් නෑර ක්‍රියාවට නැංවෙමින් පවතිනවා.. සියල්ල සත්‍යයයි

colombotoday

යුරෝපා සංගමයෙන් තහනමක්.. විනාශ වූ ග්‍රාඩ් රොකට් වෙනුවට අලුත් ඒවා දෙන්න රටවල් දෙකක් බෑ කියයි

colombotoday

ශුක්‍රාණු ආනයන බලපත්‍ර ඉවත් කෙරේ

colombotoday

පොලිස් ස්ථානාධිපතිවරුන් 22ක ගේ නිල මුද්‍රා ඇතුළු නිල මුද්‍රා 75ක් හොරට හදලා

colombotoday

මස්කෙලියේ ජුම්මා පල්ලියේ තිබී පිහි 49 ක් පොලිස් බාරයට

colombotoday

මන්නාරම් ද්‍රෝණියේ තෙල් හා ගෑස් නිධි ඇති බවට තහවුරු වෙයි… ලංසු කැදවීම මැයි මසදී….

colombotoday