Colombo Today Local News

කුළියට සාමාන්‍ය පෙළ ලියු අයෙක් අත්අඩංගුවට

අ‍.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට වලස්මුල්ල ජාතික පාසලේ විභාග මධ්‍යස්ථානයේ පෙනි සිටින පුද්ගලික අයදුම්කරුවෙකු වෙනුවට පෙනී සිටි වෙනත් අයෙකු වලස්මුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු පවසයි.

වලස්මුල්ල ජාතික පාසලේ අංක 5 විභාග ශාලාවේ පෙනී සිටීමට නියමිත වලස්මුල්ල නතුවල ප්‍රදේශයේ පුද්ගලික අයදුම්කරු වෙනුවට වලස්මුල්ල බෝවල පහළ ප්‍රදේශයේ සිසුවෙකු ව්‍යාජ ලෙස විභාගයට පෙනී සිටියදි විභාග ශාලාධිපති විසින් පොලිසියට දැන්වීමෙන් පසු පොලීසිය පැමිණ ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර සිසුවා 2020 උසස් පෙළ විභාගයට ගණිත අංශයෙන් පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින සිසුවෙකු බවද අනාවරණය වී තිබේ.

සැකකාර සිසුවා අද (06)දින වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

බූලි – බෝතල් වලට ඉන්ධන ලබා දීම තහනම්

colombotoday

සයිටම් වෙඩිල්ල ආණ්ඩුවේ වැඩක්…?? – ජවිපෙ

colombotoday

දෙමළ ජනතාව බිල්ලට දෙන දෙමල සන්ධානයේ අසත්‍ය ප‍්‍රචාරවලට මුලා නොවන්න. | ආනන්ද සංගරී.

colombotoday

ජොන්ස්ටන්ට එරෙහි නඩුවක් කල් යයි

Admin

දිවුලපිටියේ මන්ත්‍රී කාර්යාලයකට පහර දී ගිනි තැබීම. – මැයව දුටුවහොත් ලඟම පොලිසියට දන්වන්න

colombotoday

ජනපති මෛත්‍රී අකිහිතෝ අධිරාජයා හමුවෙයි

colombotoday