Colombo Today Local News

අයථා ලෙස කෝටි ගණනින් මුදල් ඉපැයූ රාජ්‍ය නිලධාරීන් 18ක්

මත්ද්‍රව්‍ය ජාවාරමේ හා නීතිවිරෝධී ක්‍රියා මගින් රුපියල් කෝටි ගණනින් මුදල් හා වත්කම් ඉපැයූ බවට චෝදනා එල්ල වූ රාජ්‍ය නිලධාරීන් දහඅට දෙනකු සම්බන්ධ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විමර්ශන අරඹා ඇත.

පොලිස් නිලධාරීන් දොළොස් දෙනකු, බන්ධනාගාර නිලධාරීන් තිදෙනකු, හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරීවරයකු හා රේගු නිලධාරියකු හා නගර සභා සේවකයකු සම්බන්ධව මේ වනවිට විමර්ශන අරඹා තිබේ.

මෙම විමර්ශනයට අදාළ ගිණුම්වලින් හුවමාරු වූ රුපියල් කෝටි ගණනක මුදල් ගනුදෙනු හා කෝටි ගණනක වත්කම් දේපොළ ගැනද අනාවරණය කරගැනීමට මෙම නව විමර්ශන කණ්ඩායම් සමත් වී ඇත.

එක් පොලිස් නිලධාරියකුගේ ගිණුම්වලට රුපියල් කෝටි දාහතක මුදලක් බැරවීම සම්බන්ධවද විමර්ශන අරඹා තිබිණි.

පොලිස් නිලධාරීන් දොළොස් දෙනා අතරට විවිධ ප්‍රදේශවල රාජකාරි කළ නිලධාරීන්, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ද අයත් වේ. මෙම පොලිස් නිලධාරීන් දොළොස් දෙනාම තමන්ට ඇති වත්කම්, දේපොළ හා බැංකු ගිණුම් ප්‍රකාශයට පත්කරන දිවුරුම් ප්‍රකාශ සමග නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට පෙනී සිටින ලෙසට මේ වනවිට කැඳවීමක් කර ඇත.

කොළඹ නගර සභාවේ සේවකයා සහ බන්ධනාගාර නියාමකවරුන් තිදෙනා එක්ව බන්ධනාගාරගතව සිටින කුඩු ජාවාරම්කරුවකු වන අනුර නමැත්තකුගෙන් රුපියල් කෝටි දෙකක මුදලක් ඊසිකෑෂ් මගින් හුවමාරු කර ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී තිබේ. මෙම නිලධාරීන්ගේද වත්කම්, දේපොළ හා බැංකු ගිණුම් පරීක්ෂාවක්ද මේ වනවිට ඇරඹී ඇත. චෝදනා ලබන එක් බන්ධනාගාර නියාමකවරයකු ළඟදී විශ්‍රාම ගැනීමට නියමිත අයෙකි.

පොලිස් නිලධාරීන් කිහිප දෙනකු සමග මුදල් හුවමාරු කළ ව්‍යාපාරිකයකුගේ වත්කම් ගැනද විමර්ශන අරඹා ඇත.

නව රජය පත්වීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ මෙම නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු යටතේ ආරම්භ විය.

Related posts

බූස්ටර් එන්නත ලබා දීම අවසන් කිරීමට සූදානමක්

colombotoday

ඉංජිනේරු කොල්ලයි දොස්තර කෙල්ලයි සල්ලි හොයන්න අසභ්‍ය වීඩියෝ හදලා

Admin

ලොකු ලූණු මිල ඉහලට

Admin

තවුහිද් ජමාත් සංවිධානයේ න්‍යායාචාර්යවරයා ලෙස නවුෆර් මවුලවි කටයුතුකර ඇති බවට හෙළිදරවුවක්

colombotoday

ඇමරිකානු ගිවිසුම අත්සන් කිරීම ජනපති නියමයෙන් කල් යයි !

colombotoday

එක්නැලිගොඩ නඩුවට චම්පිකගෙන් ප්‍රශ්න කිරීමට රහස් පොලිසිය සැරසේ

colombotoday