Colombo Today Local News

තරග පාවා දිමේ චෝදනාව : සචිත්‍ර සේනානායකගේ වත්කම් බැරකම් ප්‍රකාශයක් ඉල්ලයි

සිය වත්කම් බැරකම් සම්බන්ධ වාර්තාවක් දින 14ක් තුළ ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකය වෙත ලබාදෙන ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක මහතාට එම ඒකකය විසින් දැනුම් දී තිබේ.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග පාවාදීමේ සැලැස්මක් පිළිබඳව ප්‍රකාශ ලබාගැනීම සඳහා හිටපු ක්‍රීකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක මහතා ඊයේ (04)දින ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටියේය.

ඔහු එහිදී පැය 8ක පමණ කාලයක් ප්‍රකාශ ලබාදී ඇති බව වාර්තා විය.

ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව එම ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් ආධිකාරී ජගත් ෆොන්සේකා මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, “අපිට අවශ්‍යව තිබූ තොරතුරු සම්බන්ධයෙන් ප්‍රශ්න කරලා ප්‍රකාශ සටහන් කරගත්තා. අපේ විමර්ශනවලට ඔහු සහාය දැක්වූවා. වත්කම් බැරකම් අනුව ඉදිරි විමර්ශන සිදුකෙරෙනවා,” යනුවෙනි.

Related posts

අයවැය තෙවන වර කියවීමේ විවාදය අද දෙවන දිනටත්… – ඊයේ වැය ශීර්ෂ ඡන්ද විමසිමකින් තොරව සම්මතයි

Admin

මීගමුව රෝහලේදී කොරෝනා දෙවන මරණය වාර්තා වේ.

colombotoday

තඹුත්තේගම A-ශ්‍රේණියේ ක්‍රීඩාංගනයක්! – යෝධ හයේ පහරවලට මග විවෘත වේ

Admin

බත් පාර්සලයයි – ප්ලේන්ටියයි ගණන් උස්සයි

colombotoday

දූෂණ විරෝධී පනත සංශෝධන සහිතව සම්මත වෙයි

Admin

ගාල්ලේ ගම්මාන 7කට දැඩි සංචරණ සීමා

colombotoday