World

මියන්මාර් උද්ඝෝෂකයින්ට ආරක්ෂක හමුදාවෙන් වෙඩි – 38ක් මරු දකී

මියන්මාරයේ මිලිටරි පාලනයට එරෙහිව උද්ඝෝෂණ දැඩි වෙමින් පවතී.

ඊයේ (03)දින එම උද්ඝෝෂකයින්ට එරට ආරක්ෂක හමුදාව වෙඩි තබා ඇති අතර ඉන් උද්ඝෝෂකයින් 38 දෙනෙක් මියගොස් තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසුවේ හමුදා කුමන්ත්‍රණයෙන් අනතුරුව එරට සිදුවූ දරුණුතම සිදුවීම එය බවය.

මියන්මාරයේ එක්සත් ජාතීන්ගේ නියෝජිතයා වන ක්‍රිස්ටීන් ශ්‍රානර් බර්ජෙනර් පැවසුවේ “ඉතා දරුණු” වීඩියෝ එරටින් හමුවෙමින් ඇති බවය.

ආරක්ෂක හමුදාව රබර් සහ ජීව උණ්ඩ යොදාගෙන උද්ඝෝෂකයින්ට වෙඩි තැබූ බව ජනතාව පැවසීය.

Related posts

චීනයේ භූ කම්පනයකින් පුද්ගලයින් 111ක් මරුට

Admin

සිරගතව සිටි සැම්සුන් සමාගමේ ප්‍රධානියා නිදහස් කරයි

colombotoday

ගෙවුණු පැය 24ට පලස්තීනුවන් 297 මිය යයි

Admin

තබ්ලික් ජමාත් විවේචනය කල පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කරයි.

colombotoday

නයිජීරියාවේ බන්ධනාගාරයකින් සිරකරුවන් 1800ක් පැන ගිහින්

colombotoday

ඊජිප්තුවටත් ඇඳිරි නීතිය පනවයි

colombotoday