Colombo Today Local News

කොවිඩ් මෘත දේහ භූමදානයට ඉරණතිව් දූපතේ හැරූ වළවල් දූපත් වැසියෝ වසා දමති

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මිය යන පුද්ගලයින්ගේ මෘත දේහ භූමදානය සඳහා ඉරණතිව් දූපතේ සැකසු වළවල් දූපත් වැසියන් විසින් වසා දමා දූපතට මෘතදේහ ගෙන ඒමට විරෝධය පළ කරමින් අද (03)දින ඉරණමාතා නගර් වෙරළ තීරයේ දී විරෝධතාවයක වුහ.

ඉරණතිව් දූපත තුළ කොවිඩ් මෘත දේහ වැළලීමට කිසියම් පිරිසක් වළවල් සාදා ඇති බවත්, කොවිඩ් මෘත දේහ දූපතට රැගෙන ඒමට තමන් දැඩි ලෙස විරුද්ධ බැවින් අදාළ වළවල් වසා දැමු බවත් ඉරතිව් දූපත් වැසියෝ පැවසූහ.

කොවිඩ් මෘත දේහ දූපතට රැගෙනඒම හරහා දූපතේ ජිවත්වන තම ජනතාවට සෞඛ්‍යම අහිතකර තත්වයන් රැසක් උද්ගත වන බවත්, ධීවර කර්මාන්තයෙන් ජිවත්වන දූපත්වාසීන්ට සිය ජීවන වෘත්තීය කර ගැනීමට නොහැකි වන බවත් විරෝධතාවයට එක්වූ කිතුණු ආගමික නායකයෝ කීහ.

ඉරණතිව් දූපත් ජනතාව පැවසූවේ තමන්ගේ උපන් භූමිය තුළ කොවිඩ් මෘත දේහ වැළලීමට තමන් කිසිදු කැමැත්තක් නොමැති අතර, කොවිඩ් මෘත දේහ වැළලීමට තමන් කිසිදු අවසරයක් ද ලබානොදෙන බවයි.

යුද සමයේ පවා තම ජනතාව දිවි හිමියෙන් දූපත රැක ගැනීමට කටයුතු කළ අතර, ජනතාව ජිවත්වන භූමියක කොවිඩ් මෘත දේහ වැළලීමට රජය ගෙන ඇති තීරණය තමන් දැඩි ලෙස හෙළා දකින බවද ජනතාව පැවසූහ.

විරෝධතාවයට එක්වු ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයින් හා ප්‍රදේශවාසීන් පැවසූවේ රජය මුස්ලිම් ජනතාව හා කිතුණු ජනතාව අතර පවතින සහයෝගය බිඳ දැමීමමේ උත්සහයක නිරත වන බවට පෙනී යන බවයි.

ජනතාව ජිවත් නොවන කුඩා දූපත් රැසක් මෙරට සාගර කලාපයේ පවතින බැවින් රජය එවැනි භූමියක් තෝරාගෙන කොවිඩ් මෘත දේහ ආදාහනය කළ යුතු බවද ජනතාව පැවසීය.

විරෝධතාවයට කිතුණු ආගමික නායකයින්,දේශපාලන නියෝජිතයින්,දූපත්වාසීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Related posts

තවත් 17කට කොවිඩ් – 12 දෙනෙකු බ්‍රැන්ඩික්ස් සේවකයින්ගේ ආශ්‍රිතයන්

colombotoday

කොටි නිළ ඇඳුමට සමාන ඇඳුම් අන්දවා රථවාහන රාජකාරිවල පුද්ගලයන් යෙදවූ යාපනය නගරාධිපති අත්අඩංගුවට

colombotoday

දෙදෙනෙකුට ඇණ ගසා මරන්න හැදූ සිද්ධිය පිටුපස අභිරහසක්

colombotoday

එජාපයෙන් 15ක් සන්ධානයට – මුතුහෙට්ටිගම

colombotoday

ගයේෂා පෙරේරාගේ නිරුවත් කතාවට මධූෂා රාමසිංහගෙන් නිරුවත් ප්‍රතිචාර

colombotoday

කිසිම මුදල් ඇමතිවරයෙක් නොකළ වැඩක් රවී කරලා – බැදුම්කර කොමිසමේ සාක්කිවලින් හෙළිවේ

colombotoday