Colombo Today Local News

හාම්පුතුන්ගේ විරෝධය මැද වතු සේවකන්ගේ රු.1000 වැටුප දෙවැනි වරටත් සම්මතයි

වතු සේවකයන්ගේ ⁣දෛනික වැටුප රුපියල් දහස දක්වා ඉහළ දැමීමට පසුගියදා ගත් තීරණය හාම්පුතුන්ගේ විරෝධතාවය මැද ඊයේ (01)දින පැවැති පඩි පාලක සභා රැස්වීමේදී දෙවැනි දිනටත් සම්මත විය.

ඒ අනුව වතු සේවක වැටුප ඉහළ දැමීම ක්‍රියාත්මක කිරීමේ ගැසට් නිවේදනය සතියක් ඇතුළත නිකුත් කරන බව පඩි පාලක සභාවේ සභාපති සහ කම්කරු කොමසාරිස් ප්‍රභාත් චන්ද්‍රකීර්ති පැවසිය.

වතු කම්කරුවන්ට මූලික වැටුප ලෙස රුපියල් 900.00 ක් සහ ජීවන වියදම් දීමනාව ලෙස රුපියල් 140.00 ක් ලබා දීමට පසුගිය 08 වැනිදා පැවැති පඩි පාලක සභා රැස්වීමේදී හාම්පුතුන්ගේ විරෝධය මැද වැඩි ජන්දයෙන් පළමුවරට සම්මත විය. ඊට එකඟ නොවූ වතු හාම්පුතුන් යෝජනා කරනු ලැබුවේ රුපියල් 405.00 ක මූලික වැටුපක් සහ ඊට 10% ක දීමනාවකි. ඒ අනූව යළි මේ පිළිබඳ සාකච්ඡා කිරීමට පඩිපාලක සභාව පසුගිය 19 වැනිදා රැස් වූ අතර හාම්පුතුන් එම රැස්වීමට නොපැමිණි බව සභාපතිවරයා කීවේය. මේ නිසා අදාළ ගැටලුව පිළිබද සාකච්ඡා කිරීමට ඊයේ (1)දින පඩිපාලක සභාව අවසන්වරට රැස්විණි. එම රැස්වීමේදීද වතු සේවකයන්ගේ දෛනික දීමනාව රුපියල් 1000 දක්වා ඉහළ දැමීමට වතු හාමිපුතුන් විරෝධය දැක් වූ බව කී සභාපතිවරයා වතු වෘත්තීය සමිති සහ පඩි පාලක සභාව නියෝජනය කරන කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ වැඩි ඡන්දයෙන් දීමනාව සම්මත වූ බවද කීය. මෙම තීරණය තමන් විසින් සහතික කර කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා වෙත ඉදිරිපත් කරන බව කී සභාපති ප්‍රභාත් චන්ද්‍රකීර්ති සතියක් ඇතුළත එය ගැසට් කරනු ඇතැයිද කීය.

Related posts

පෞද්ගලික බස් රියදුරන් වර්ජනයක

Admin

නැවත දැනුම් දෙන තෙක් විදුලි කප්පාදුව නවතියි

colombotoday

චීන ජනපි ෂිපින්ජින් ට දිවි ඇතිතෙක් බලයේ ඉන්න ව්‍යවස්ථාව වෙනස්කරගනී

colombotoday

කැබිනට්, රාජ්‍ය ඇමතිලා 30 කට යනෙන මං නැතිවෙයි

colombotoday

මොනරාගල සෙලවෙයි

Admin

75 වන ජාතික නිදහස් සැමරුමට සමරු මුද්දර හා කාසියක්

Admin