Colombo Today Local News

ශානිගේ ඇප ඉල්ලීම සලකා බැලීම මාර්තු 17

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් යන මහත්වරුන්ගේ ඇප ඉල්ලීම් සලකා බැලීම සඳහා මේ මස 17 දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබේ.

එම ප්‍රතිශෝධන පෙත්සම් අද (01)දින නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර් ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවන ලැබීය.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විරාන් කොරයා මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් හදිසි අවශ්‍යතාවක් සැලකිල්ලට ගෙන එම පෙත්සම ගොනුකර ඇති හෙයින් එය සලකා බැලීම සඳහා ඉතාම කෙටි දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

ඒ අනුව පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු 17 වනදා කැඳවන ලෙසත් එදින ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයාට දැනුම් දුන්නේය.

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර තිබූ නඩුවකට ව්‍යජ ලෙස ගිනි අවි හඳුන්වාදී අසත්‍ය සාක්ෂි නිර්මාණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් දෙදෙනා ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.

Related posts

නිවසක සඟවා තිබූ ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අල්ලයි

Admin

අගවිනිසුරුගේ මතය විමසමින් ලිපියක් යැවුවේ නෑ. කතානායක මාධ්‍ය අංශය

colombotoday

ඊශ්‍රායලය විසින් පලස්තීනය සංහාරය කරනවා. වහාම නවතනු. ප්‍රහාර සජබ හෙලා දකිනවා. රටවල් දෙකක් දෙනු. | සජිත්ගෙන් ප්‍රකාශයක්

colombotoday

2002 අලි කොටි ගිවිසුම සහ 2019 ව්‍යවස්ථා මර උගුල ඇසුරෙන් ජවිපෙ ඩීල්වාදය තේරුම් ගනිමු.

colombotoday

ආර්ථික අර්බුදය විසදන්න අගමැතිට බැහැලු – ධම්මික රනිල්ට යන්න කියයි

colombotoday

දහම් පාසැල් අදියර දෙකක් යටතේ යළි විවෘත කිරීමට අවසර

colombotoday