Colombo Today Local News

කපමින් සිටි කිතුල්ගසට යටවී යාබද නිවසේ දියනාමින් සිටි කත මරු දකී

පුද්ගලයන් තිදෙනෙකු විසින් අඩක් කපන ලද කිතුල් ගසකට කඹයක් යොදා අදිමින් සිටියදී, යාබද ඉඩමේ සිටි කාන්තාවක් මතට ගස වැටීමෙන් ඇය මිය ගොස් ඇති බව වැලිපැන්න පොලිසිය කියයි.

එම මරණය සම්බන්ධයෙන් ඉඩමේ හිමිකරු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අනතුරින් මියගොස් ඇත්තේ වැලිපැන්න ගබඩා හන්දිය කුරුඳුවත්ත කුරුඳුවත්ත ලිපිනයේ පදිංචිව සිටි රමණී වසන්තා ගුණතිලක (52) යන අයයි.

එම කාන්තාව කුලී පදනම මත පදිංචිව සිටින අතර යාබද ඉඩමේ හිමිකරු වැට මායිමට වන්නට තිබෙන කිතුල් ගස තවත් පුද්ගලයන් දෙදෙනකුගේ සහයෙන් කපාඉවත් කරමින් සිටියදී මෙම අනතුර වී ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත. ගස කපා අදින අවස්ථාවේදී ඇය පදිංචි නිවස අසල දියනාමින් සිට ඇති අතර ඉඩමේ හිමිකරු සහ අනෙක් පුද්ගලයන් දෙදෙනා කඹය ආධාරයෙන් අඩක් කපන ලද කිතුල් ගස ඔවුන් දෙසට අදිද්දී ඊට ප්‍රතිවිරුද්ධ දිසාවට ගස වැටීමෙන් මෙම අනතුර වී ඇති බව පොලිසිය කියයි.

බරපතළ තුවාල ලබා සිටි කාන්තාව රෝහලට ගෙන යාමට විශාල ප්‍රමාදයක් සිදු වී තිබීම හේතුවෙන් ඇය මරණයට පත්ව ඇති බව විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

අපරික්ෂාකාරී ලෙස කටයුතු කිරීමෙන් මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

යෝෂිත 25 දක්වා යළි රිමාන්ඩ්

colombotoday

ශ්‍රී ලංකාව ඔබේ මව්බිම ලෙස දකින්න, ශ්‍රී ලාංකිකයන් ලෙස අත්වැල් බැදගෙන සෞභාග්‍ය කරා යමු – ජනපතිගේ පොංගල් සුභ පැතුම

colombotoday

වංචා වැලැක්වීමේ පනත සංශෝධනයට අනුමැතිය

Admin

ජපානය බලා පියාසර කළ ශ්‍රී ලංකන් ගුවන් යානයක් යළි කටුනායකට ගොඩබස්වයි

Admin

මෙම වසර තුළ ජනතාවට සහන පැකේජයක්

Admin

ඉන්දු – පකිස්තානය ගිනිගනිද්දී රනිල් ඉන්දියාවට!

Admin