Colombo Today Local News

“එක්නැලිගොඩ කොටියාව පැහැරගත්තා කියා මහින්දයි ගෝඨවයි අත්අඩංගුවට ගන්න හදනවා” – මේජර් අජිත් ප්‍රසන්න

ranawiruඑක්නැලිගොඩ නම් වූ කොටියා පැහැරගත්තා යැයි පවසමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් අත්අඩංගුවට ගැනීමට සැරසෙන බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු මේජර් අජිත් ප්‍රසන්න මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

මේ වන විට අදාළ කාරණය සම්බන්ධයෙන් බුද්ධි අංශ නිලධාරීන් පස් දෙනෙකු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවද ඒ මහතා කියා සිටියේය. මේ වන විට ශ්‍රී ලංකාවේ බුද්ධි අංශය කොටි පොලීසියේ බුද්ධි අංශ බවට පත්වී ඇති බවද එහිදී ඔහු පෙන්වා දුන්නේය.

එසේම 2003 කුප්‍රකට මිලේනියම් සිටි පවාදීම වැනි පවාදීමක් මෙම සිද්ධියෙන් පිළිඹිබු වන බවත් , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානි ශානී අබේසේකර විසින් ලකුණු දමා ගැනීම සඳහා එක්නැලිගොඩගේ සිද්ධියට බුද්ධි අංශ නිලධාරීන් පස් දෙනා අත්අඩංගුවටගත් බවත් ඒ මහතා එහිදී පෙන්වා දුන්නේය.

Related posts

රොහින්ග්‍යා සංක්‍රමණිකයන් බූස්ස කඳවුරට !

colombotoday

මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ අවදානමක්.. වෙරළාසන්නයේ ජනතාව විමසිල්ලෙන් සිටින්න

colombotoday

ලංකාවේ දූෂණය තිබුණාටත් වඩා වැඩිවෙලා – ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් හෙළිකරයි

colombotoday

මහේල ජයවර්ධන සුද්දන්ට වැඩ කිරීම ගැන කණගාටුයි.. තිලංගගෙන් දොස්මුරයක්

colombotoday

වාසුට පොල්ල තබා නිරෝශන් සජිත්ට සෙට් වෙයි

Admin

ඇමති රාජිතට හෘදයාබාධයක් වැළදී රෝහලේ… සිංගප්පූරු ගෙනියන්න සූදානම්!

colombotoday