Colombo Today Local News

ඉස්ලාම් අන්තවාදයේ අනතුර පෙන්වූ පිරිසත් පාස්කු කොමිසමෙන් චූදිතයින් කරලා | සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වය

ඉස්ලාම් අන්තවාදී අනතුර රටට අනාවරණය කළ පාර්ශ්ව ‍පාස්කු කොමිෂන් වාර්තාවෙන් චූදිතයින් බවට පත්කර ඇති බව අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි පවසති.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ පාස්කු ප්‍රහාරයට මූලසාධක වූ කරුණු සහ පුද්ගල පාර්ශ්වයන් පිළිබඳ කොමිසමේ අවධානය යොමු වී නොමැති බවය.

“අපි බලාපොරොත්තු වුණේ මේ ප්‍රහාරය පිටුපස හිටිය පුද්ගලයෝ කවුද? ඊට වගකිවයුත්තෝ කවුද? මේ සඳහා අනුබල දුන්නු පිරිස කවුද? අන්තවාදය ප්‍රවර්ධනය වුණ පසුබිම කුමක්ද? යන කරුණු හඳුනාගෙන ඔවුන්ට දඬුවම්දීම සඳහා අවශ්‍ය නිර්දේශයන් ලැබෙයි කියල විශ්වාසයක් අපිට තිබුණේ. දැන් බලපුවාම ඒ අනතුර පෙන්නපු පිරිසත් වගකීම් පැහැරහැරිය පිරිසත් තමයි වරදකරුවන් බවට පත්වෙලා තියෙන්නේ. මේ තුළින් වැරැදි ආකල්පයක් ලෝකය තුළ නිර්මාණය වෙන්න පුළුවන්,” යනුවෙන් පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් පැවසීය.

Related posts

අපි ලෝකයම දිනාගෙන අවසන්.. දැන් තියන්නේ ගම, නගරය දිනාගන්නයි – මංගල

colombotoday

“රාජ්‍ය ව්‍යාපාර ලාභ ලබන තත්ත්වයට පත්කළ යුතුයි” – ජනපති

colombotoday

ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට ‘හෑෂ්’ මත් පැණි කිලෝවක් සමග සැකකරුවකු අත්අඩංගුවට

colombotoday

අස්වැසුම වැඩසටහනේ අභියාචනා සහ විරෝධතා මිලියනය පනී

Admin

පොහොර මිටිය 350ට දියව් ! ගොවීන් ඇමති දුමින්දගේ නිවස වටලා උද්ඝෝෂණයේ

colombotoday

මුතුරාජවෙළ තෙත්බිමේ වගුරු ආශ්‍රිත බිම් අපද්‍රව්‍ය දමා පිරිවීමට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය නඩු මගට

colombotoday