Colombo Today Local News

මහා වංශ පුස්කොළ පොත් එකතුව ලෝක උරුම ලැයිස්තුවට

පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය පුස්තකාලයේ ඇති මහා වංශ පුස්කොළ පොත් එකතුව ලෝක උරුමයක් ලෙස නම් කිරීමට යුනෙස්කෝ සංවිධානය තීරණය කර ඇතැයි එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක ඊයේ (23)දින පැවසීය.

මෙම පුස්කොළ පොත් එකතුව පරීක්ෂා කිරීමට විශ්වවිද්‍යාලයට පැමිණි යුනෙස්කෝ නියෝජිතයන් ඒ පිළිබඳ සෑහීමකට පත් වූ බවත් මහා වංශයේ සියලු කොටස් කිසිදු අඩුපාඩුවකින් තොරව පවතින එකම ස්ථානය වන්නේ විශ්වවිද්‍යාලයීය පුස්තකාලය පමණක් බවත් එම නියෝජිතයන් හඳුනාගත් බව උපකුලපතිවරයා සඳහන් කළේය.

ඒ අනුව මෙම පුස්කොළපොත් එකතුව ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කිරීමට පියවර ගන්නා බව යුනෙස්කෝ නියෝජිතයන් දැනුම් දුන් බව මහාචාර්යවරයා කියයි.

Related posts

මහපොළ 1000 කින් වැඩිකරයි

colombotoday

එජාප ජ්‍යෙෂ්ඨයෝ සිරිකොතේ රැස්වෙයි… ප්‍රතිසංවිධානය ඇරඹෙයි… නායකත්ව වෙනස ගැන තීරණාත්මක සාකච්ඡා

colombotoday

ගෑස් ප්‍රමිතිය පරීක්‍ෂා කිරීමට ප්‍රමිති ආයතනයට අවසර දෙයි

colombotoday

හදිසි මෙහෙයුමක්

Admin

උතුරේ බොදු උරුමය රැකගන්න ඤාණසාර හිමියෝ මුලතිව් පදිංචියට !

colombotoday

ආණ්ඩුව ඩයස්පොරාවට ලබා දුන් පොරොන්දු එකක් නෑර ඉටු කරමින් ඉන්නවා

colombotoday