Colombo Today Local News

බඹරු ඇන ග්‍රේස්වෙස්ටන් වතු කම්කරුවෝ 8ක් රෝහලේ

තලවකැලේ, ග්‍රේස්වෙස්ටන් වත්තේ ස්කල්පා කොටසේ වතු කම්කරුවන් පිරිසකට බඹරුන් ඇනීම හේතුවෙන් තුවාල ලැබු වතු කම්කරුවන් 8දෙනෙකු ප්‍රතිකාර සඳහා අද (23)දින ලිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර තිබේ.

බඹරුන් ඇනීමෙන් කාන්තාවන් 6දෙනෙකු හා පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු රෝහලට ඇතුළත් කරන ලද බවත්, ඔවුන්ගෙන් පිරිමි පුද්ගලයන් දෙදෙනා බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගිය බවත් කාන්තාවන් 6 දෙනා තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බව ලිඳුල ප්‍රාදේශීය රෝහලේ ප්‍රකාශයෙක් කීය.

වතුයායේ තේ දලු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකට ගසක බැඳ තිබූ බඹර කූඩුවක බඹරුන් ඇවිස්සී ඇති බව ග්‍රේස්වෙස්ටන් වත්තේ වතු කම්කරුවෝ පවසති.

Related posts

කලා විශ්ව විද්‍යාලයේ කුලපති ධුරය සුනිල් ආරියරත්නට

Admin

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග 3ක් අල්ලයි

colombotoday

ප්‍රදේශ කිහිපයකට ඇදිරිනීතිය !

colombotoday

ගම්පහදී කොවිඩ් ආසාදිතයන් තිදෙනෙක් ලේ දන්දීලා

colombotoday

ජාපාලවත්තේදී STF පාතාලය ගැටෙයි – දෙකක් මරුට

Admin

අවුරුදු දිනයේ තරුණියකට සරම උස්සා පෙන්නු පුද්ගලයෙකු අත්අඩංගුවට

colombotoday