ලබන ජනවාරි මාසයේදී ත්‍රස්‌ත මර්දන පනත අහෝසි කිරීමට තීරණය වී ඇත. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ නිර්දේශය මත මෙම පනත අහෝසි කෙරේ. එකී පනත වෙනුවට ඇමරිකාවේ ක්‍රියාත්මක කෙරෙන දේශප්‍රේමී පනත අනුව සකස් වූ නව පනතක් පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කෙරෙනු ඇත.
මෙකී ත්‍රස්‌ත මර්දන පනත මෙතෙක් අහෝසි කර නැතැයි ද්‍රවිඩ සංධානය ජිනීවා යෝජනාවට දායක වූ රටවලට සහ මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කර ඇතැයි ආරංචි මාර්ග දක්‌වයි.
කොටි ත්‍රස්‌තවාදය මර්දනය කිරීම සඳහා යොදාගත් මෙම පනත වෙනත් අපරාධ සිදු කළ පාර්ශවවලට එරෙහිව යොදා ගන්නා බවට ද මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි ඉදිරිපත් වී ඇත. මෙම පනත අහෝසි කිරීමත් සමඟ ත්‍රස්‌ත මර්දන පනත යටතේ රඳවාගෙන ඇති හිටපු කොටි ක්‍රියාකාරීන් ද නිදහස් වනු ඇත.
– දිවයින