Colombo Today Local News

පාස්කු කොමිසමේ වාර්තාව හැදුවේ එහි සාමාජිකයින්ද? අන්තවාදීන් ද? අක්මීමන දයාරතන හිමි ප්‍රශ්න කරති.

පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව තුලින් සාධාරණයක් ඉෂ්ඨවී වැරදිකරුවන්ට දඬුවම් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වුවද දැනට දැනගන්න ලැබෙන තොරතුරුවලට අනුව “යන්නේ කොහොද? මල්ලේ පොල්” තත්වයට පත්වී ඇති බව සිංහල රාවය දේශපාලන පක්ෂයේ සභාපති අක්මීමන දයාරතන හිමි සඳහන් කර සිටිනවා.

“පාස්කු කොමිසමේ කැකිල්ලේ තීන්දුව” තේමාව යටතේ අද (23) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව පැවසීය.

දැනට තොරතුරු ලැබී ඇති පරිදි මේ රටේ ජාතික සංවිධානවලට සහ ජාතික සංවිධාන නායකයින්ට පාස්කු ප්‍රහාරයේ වගකීම බැර කර ඇති බව පැවසූ ඒ හිමියෝ අන්තවාදී ක්‍රියා ඇතිවීම තුල ජාතික සංවිධාන බිහිවූවා විනා ජාතික සංවිධාන හේතුවෙන් අත්වාදය ඇතිවුනා යැයි කිසිවෙකුට හෝ කිව නොහැකි බව පැවසීය.

පාස්කු කොමිෂන් වාර්තාව සැබෑ ලෙසම සැකසුවේ එහි සාමාජිකයන් ද නැතිනම් අන්තවාදීන් ද යන ප්‍රශනය මේ මොහොතේ ජාතිය හමුවේ තිබෙන බවත් කොමිෂන් සභා වාර්තාව වහා අහෝසි කර නව කොමිසමක් පත්කර සැබෑ වැරදිකරුවන්ට දඬුවම් ලබා දීමේ ක්‍රමවේදයක් සකසන ලෙසත් අක්මීමන දයාරතන හිමියෝ මෙහිදී ඉල්ලා සිටියහ.

Related posts

යාපනය, අරසඩිහි අඩියේ සාද දැමූ 5ක් රිමාන්ඩ්.

colombotoday

පසුගිය කාර්තු 3දී පමණක් HIV අසාදිතයන් 429ක් හදුනා ගනී

Admin

සන්නද්ධ රාජකාරියට මසක දිගුවක්

colombotoday

ඉස්ලාම් අන්තවාදී සංවිධානයකට මුදල් සැපයූ අයෙක් අත්අඩංගුවට

colombotoday

ගෙරවිලි රැවටිලි.. ගෙන කුලී අද අලි.. කොළ එළි දැක වෙලී.. පච කෙළී පාඨලී !!

colombotoday

මිළ කල නොහැකි ශ්‍රී ලංකාවේ පුරා වස්තු තොගයක් ඇමරිකාව හොරෙන් උස්සලා !

colombotoday