Colombo Today Sports News

චමින්ද වාස් තවත් තනතුරක් අතහරී.. 26ට පසු කිසිම සහයක් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට නෑ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යැවීමේ පුහුණුකරු ලෙස පත්කළ චමින්ද වාස් එම තනතුරින් පමණක් නොව ශ්‍රී ලංකා ක්‍රිකට් උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ දැරූ තනතුරින් ද ලබන 26 වන දින සිට ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ගෙවීම් සම්බන්ධයෙන් ඇතිවූ මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙන් චමින්ද වාස් බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ වේගපන්දු පුහුණුකරු තනතුරෙන් ඉවත් වීමට ඊයේ (22)දින තීරණය කළා.

මෙම පත්වීමට පෙර චමින්ද වාස් ශ්‍රී ලංකා ක්‍රිකට් උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ නැගී එන ක්‍රීඩකයන්ගේ වේගපන්දු පුහුණුකරු ලෙසින් කටයුතු කළා.

වාස් සමග ගෙවීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඇතැම් බලධාරීන් ඉදිරිපත්ව නොමැති බවත් සංචාරය ගොස් පැමිණි පසු ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ හැකි බවට ප්‍රකාශ කර ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

Related posts

ශ්‍රී ලංකා පාකිස්තාන තීරණාත්මක දෙවැනි ටෙස්ට් තරගය අද

Admin

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට ගිය 10ක් අතුරුදන්

colombotoday

එක්දින තරග 300ක තීරකයා වී මඩුගල්ලේ ලෝක වාර්තාවක් තියයි

colombotoday

Video: සිදුවූ වරද බාර ගත් වෝනර් කඳුළු සලමින් ක්‍රිකට් දිවියෙන් සමු ගනී

colombotoday

LPL – පළමු තරගයේ ජය ඉසුරු උදාන කොළඹට ගෙනෙයි

colombotoday

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා ක්‍රිකට් සටන අද

Admin