Colombo Today Local News

වෙළඳ අමාත්‍යංශයෙන් දුන් කොස් කැලේ කඩ ඉවත් කරන්න වන සංරක්ෂණයෙන් නඩු. කොරෝනා අස්සේ අහිංසක මිනිසුන් කබලෙන් ලිපට.

අඩු ආදායම් ලාභී පවුල් සඳහා වෙළඳ අමාත්‍යංශය විසින් ලබාදුන් මැල්සිරිපුර කොස් කැලයේ වෙළඳ සැල් අනවසර බව පවසමින් එම වෙළඳ සැල් ඉවත් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නඩු පවරා තිබෙනවා.

කොරෝනා උවදුර සමග දැඩි අසීරුතාවයට පත්ව සිටින අඩු ආදායම් ලාභී පවුල් මෙම තීරණයත් සමග ජීවත්වීමේ අර්බුදයකට පත්ව ඇත.

2001-2002 වසරේදී එවකට වෙළඳ අමාත්‍යව සිටි බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා විසින් මෙම වෙළඳ සැල් සහිත “තුරු සෙවන” වෙළඳ පියස ජනතාවට ලබා දී එහි පරිපාලනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට බාරදී ඇත. පසුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් එහි පරිපාලනය ප්‍රාදේශීය සභාවට බාරදී ඇති අතර එහි වෙළඳාම් කරන පුද්ගලයින් ප්‍රාදේශීය සභාවට බදු ගෙවමින් තම වෙළඳාම් කටයුතු කරගෙන ගොස් ඇත.

වෙළඳසැල් මහා මාර්ග දෙපාර්තමේන්තුවට අයිති මාර්ග රක්ෂිත භුමියේ පිහිටා ඇති අතර එවන් පසුබිමක වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ ඉදිකිරීම් “අනවසර ඉදිකිරීම්” ලෙස හඳුන්වමින් එම භූමියෙන් වෙළෙන්දන් ඉවත් කරන ලෙස ඉල්ලමින් කුරුණෑගල අධිකරණයේ නඩු පවරා ඇත.

Related posts

“හමුදාව ඉන්නේ දැඩි කලකිරීමෙන්.. කුමන්ත්‍රණ කිරීමට කිසිදු උවමනාවක් නෑ“ – නාවික හමුදාපති

colombotoday

නව වසරේත් 2දා සිට සුපුරුදු අඳුරේ…

Admin

පළතුරු කඩේ පොහොය දා අරක්කු විකුණයි.. මහරගම අපේක්ෂකයාගේ මව පොලිසියට මාට්ටු

colombotoday

නොරච්චෝලේ අලුත්වැඩියා කළ ජනන යන්ත්‍රය යළි අක්‍රිය වෙයි

colombotoday

නාමල් ගෙන්වා ප්‍රශ්න කරන්න.. ඕන නම් අත්අඩංගුවට ගන්න.. නීතිපති FCIDයට නිර්දේශ කරයි

colombotoday

සරසවි සිසුවියකගේ මළසිරුරක් බෝඩින් කාමරයක

Admin