Colombo Today Local News

ඇමති අරුන්දිකගේ ජීප් රථය කරනම් ගහයි.. තිදෙනෙක් රෝහලේ..

පල්ලම සේරුකැලේ ප්‍රදේශයේදී වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා ගමන් කරමින් තිබූ ජීප් රථය අද (20)දින උදෑසන පෙරළී යාමෙන් ඇමතිවරයා ඇතුළු 04 දෙනෙකු සුළු තුවාල ලබා ඇතිබව පල්ලම පොලිසිය පවසයි.

රාජ්‍ය ඇමතිවරයා මෙසේ අනතුරට ලක්ව ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ගම සමග පිළිසදරක් වැඩසටහන පැවැත්වෙන කරුවලගස්වැව නෙළුම්ගම බලා ගමන් කරමින් සිටියදී බව පොලීසිය පවසයි.

රාජ්‍ය ඇමතිවරයා අද (20)දින උදෑසන මෙසේ අනතුරට ලක්වී ඇත්තේ ආණමඩුව හලාවත මාර්ගයේ සේරුකැලේ වංගුව ආසන්නයේදී බව කියයි.

අනතුරින් අමාත්‍යවරයා ගමන් ගත් වාහනය වංගුවේ දී මාර්ගයෙන් ඉවතට පෙරළී යාමෙන් පසු ජීප් රථයට බරපතල හානි සිදුව ඇති අතර ඇමතිවරයා ඇතුලු ඇමති ආරක්ෂක හා රියදුරුගේ ජීවිත බේරී ඇත.

අනතුරින් පසුව සුළු තුවාල ලබා සිටි රාජ්‍ය ඇමති වරයා වෙනත් වාහනයකින් ජනාධිපතිවරයාගේ ගම සමග පිළිසදරක් වැඩසටහනට ගොස් ඇති බව පොලිසිය පවසයි.

අනතුරින් තුවාල ලැබූ සෙසු පිරිස හලාවත රෝහලට ඇතුළත් කර ඇති බවද වාර්තාවෙයි.

Related posts

මන්ත්‍රී අසංක නවරත්න දුරකථනය ට පනී

Admin

අලියාගෙන් රනිල්, පොහොට්ටුවෙන් ගෝඨා ජනාධිපතිවරණයට

colombotoday

“අක්බාර්ටවුන්” යළි “එඩෙරමුල්ල” කරන්න ප්‍රතිපාදන නෑ – ෆයිසර්ගේ අමාත්‍යාංශය නිවේදනය කරයි

colombotoday

දුම්රියෙන් ඇද වැටී තරුණයෙක් මරුට

colombotoday

ෆෙඩරල් ගැන නොදන්නා බබ්බු ටිකක් බිල්ලෙක් මවා ජනතාව භය කරනවා…

colombotoday

සුපිරි ක්‍රිකට් තරුව පොහොට්ටුවෙන් දේශපාලනයට

colombotoday