Colombo Today Local News

සහරාන්ගේ අන්තවාදී පුහුණු පන්තිවලට සහභාගී වු තරුණියක් අත්අඩංගුවට

පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව මෙහෙය වූ සහරාන් හෂීම් නැමැත්තාගේ අන්තවාදී පුහුණු පන්තිවලට සහභාගී වු තරුණියක් අත්අඩංගුවට ගෙන තිබේ.

එසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 24ක් වු මාවනැල්ල, හිඟුල ප්‍රදේශයේ පදිංචි තරුණියකි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය මඟින් සිදුකළ විමර්ශනයක් අනුව එම තරුණය අත්අඩංගුවට ගනු ලැබු බවය.

සහරාන් නැමැත්තා විසින් කාන්තාවක් පිරිසක් ද අන්තවාදී සංවිධානයට බඳවා ගෙන යම් පුහුණුවක් ලබාදී ඇති බවට තොරතුරු අනාවරණය වු බවත් ඒ අනුව එවැනි කාන්තාවන් 6 දෙනෙක් පසුගිය දෙසැම්බර් මස 7 වන දින ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගනු ලැබු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමේ දී අන්තවාදී ත්‍රස්ත පුහුණු පන්තිවලට සහභාගී වු අදාළ කාන්තාව ඊයේ (19)දින දිනයේ දී අත්අඩංගුවට පත්ව තිබේ.

අදාළ සැකකාරිය මේ වන විට ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන විත් ඇතැයි ද පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, ඇය රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියමිත බව ද සඳහන් කළේය.

මාවනැල්ලේ බුදුපිළිමවලට හානි කිරීම හා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අදාළ තරුණියගේ සහෝදරයන් තිදෙනා හා පියා ද මේ වන විට බන්ධනාගාර ගතකර සිටී.

Related posts

උතුරට යනවානම් ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ගන්න වෙයි.. මැයි තුන සිට ක්‍රියාත්මකයි

colombotoday

වැළලෙන්න ඉල්ලා “බලහත්කාරී ආදාහනයට එරෙහි ජාතික ව්‍යාපාරය” විරෝධතාවක

colombotoday

කොම්පඤ්ඤවීදිය ගුවන් හමුදා කඳවුර ප්‍රදේශයේදී වාහනයක් ගිනිගනී

Admin

මාලිගාවත්තේ පැය දෙකක මෙහෙයුමකින් 25ක් අත්අඩංගුවේ

Admin

ඡන්දයෙන් පැරදී ලිස්ට් එකෙන් ගොඩ ආ ශ්‍රීලනිප ඇමතිලාට එජාපයෙන් සිහි කැදවීමක් !

colombotoday

වසන්ත හඩපටයක් එළියට දමන්න සූදානම්

Admin