Colombo Today Local News

තෙල් ටැංකි දෙන්න ඉන්දීය රජය එකඟ වෙලා නෑ.. ගම්මන්පිල කිව්වේ බොරුවක්ද ?

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය ආපසු ශී‍්‍ර ලංකාවට පවරන බවට එකඟවීමක් සිදු නොවූ බව ඉන්දීය රජය හෙළි කර තිබේ.

මෙම තෙල් ටැංකි සමූහය ශී‍්‍ර ලංකාවට ලබාදීමට ඉන්දීය මහ කොමසාරිස්වරයා එකඟ වූ බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මීට පෙර ප්‍රකාශ කර තිබුණා.

එහෙත් ඉන්දීය රජය පැවසුවේ මේ තෙල් ටැංකි සමූහය ගැන තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන බවයි.

මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අමාත්‍යවරයා ඊයේ මාධ්‍ය හමුවක්ද කැඳවා තිබූ අතර, එහිදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට බහුතර අයිතියක් හිමිවන අයුරින් ගොඩනැගෙන රාජ්‍ය සමාගමක් මගින් තෙල් ටැංකි සංකීර්ණය කළමනාකරණය කිරීමට ඉන්දීය රජය සමඟ සාකච්ඡා කර ඇති බව ඔහු සඳහන් කළා.

ඉන්දීය රජය ති‍්‍රකුණාමල තෙල් ටැංකි ශී‍්‍ර ලංකාවට ලබාදීමට එකඟ වූයේ නැතැයි ඉන්දිය නිව්ස්ඒෂියා වෙබ් අඩවිය ද ඇතුළු තවත් වෙබ් අඩවි කිහිපයක් වාර්තා කර තිබේ.

Related posts

“ණය ගෙවන්න තියනවා.. තව බදු ගහන්න වෙයි“ – අගමැති

colombotoday

ජීවිත දෙකක් බිළිගත් මට්ටක්කුලියේ බිහිසුණු අනතුර

colombotoday

ඇදිරිනීතිය නොතකා මහමග ගී ගයමින් විනෝද වූ මුස්ලිම් ජාතිකයන් හයක් අත්අඩංගුවට…

colombotoday

එස්.බී. ට අලුත් ආණ්ඩුවේ තවත් පට්ටමක්…

colombotoday

පොලිස් කොස්තාපල්වරයෙක් සිය ගිනි අවියෙන් දිවිනසාගනී

colombotoday

සිරකරුවන් 440කට විශේෂ රාජ්‍ය සමාව

Admin