Colombo Today Local News

අට පිරිකර නිෂ්පාදනයට සහ අළෙවියට ලියාපදිංචි වීම අනිවාර්යයි

අටපිරිකර නිෂ්පාදනය හා අළෙවි කරනු ලබන ආයතන බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම අනිවාර්යය බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍යාංශය පවසයි.

ප්‍රමිතිය ආරක්ෂා කරගැනීම සදහා අටපිරිකර නිශ්පාදනය කරන හා අළෙවි කරන ආයතන මෙසේ ලියාපදිංකිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

2015 ජුනි 11 වන දින නිකුත් කර ඇති විශේෂ ගැසට් පත්‍රයට අනුව අට පිරිකර, දෙපට සිවුර, තනිපට සිවුර, අඳන කඩය, පාත්‍රය හා බඳ පටය යන භාණ්ඩ නිෂ්පාදනය කරන සහ අළෙවි කරන වෙළෙන්ඳන් ලියාපදිංචි කළයුතු වෙයි.

අදාළ ලියපදිංචි කිරීමේ අයදුම්පත් ලබන ජනවාරි මාසයේ සිට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් ලබාගත හැකි බව අධිකරණ හා බුද්ධශාසන අමාත්‍යංශය සදහන් කළේය.

ඉදිරිපත් වූ අයදුම්පත් ප්‍රමිති ආයතනය වෙත ඉදිරිපත් කර ප්‍රමිතියට අනුකූල වන්නේ නම් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය සිදුකරන අතර අදාළ ලියාපදංචිය වසර තුනක කාලයක් සඳහා නිකුත් කිරීමට නියමිතය. මෙම නියෝග පිළි නොපදින වෙළෙන්ඳන් හා නිෂ්පාදකයන් පිළිබඳව පාරිභෝගික සේවා අධිකාරිය මඟින් වැටලීම් සිදුකරන බව අධිකරණ හා බුද්ධශසන අමාත්‍යංශය සඳහන් කළේය.

Related posts

‘නිපා’ වෛරසය හඳුනා ගැනීමේ පරීක්ෂණ කට්ටල ඇණවුම් කරයි

Admin

ගෑස් සිලින්ඩරයක මිල රු. 200 – 300 කින් පහතට

colombotoday

වාහන බදු ඉහළට…

colombotoday

CSN අත්හිටවුවායැයි අපි දන්නේ නෑ – ඒ නිසා දිගටම විකාශන කටයුතු සිදු කරනවා – රොහාන් වැලිවිට

colombotoday

ළදරුවාට පිටි ටින් එකක් සොරකම් කළ පියා අත්අඩංගුවට

colombotoday

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් ගෑස් පිපිරීම් ගැන නිවේදනයක්

colombotoday