Colombo Today Local News

අද නොකියාම අපි චීනයේ යටත් විජිතයක්.. චීනේ එක්ක මට තරහක් නෑ… මට කිව්වෙත් කොණ්ඩේ බැඳපු චීනා කියලා

නිසි විදේශ ප්‍රතිපත්තියක් යටතේ විදේශ සබඳතා පවත්වාගෙන යාමට අපොහොසත් වීම හේතුවෙන් රජය අර්බුද රැසකට මුහුණ දී ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.

අත්තනගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරිය එම අදහස් පළ කළාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වමින් හිටපු ජනාධිපතිනිය පවසා සිටියේ, තමා චීනය සමග ඉතා කිට්ටු සබඳතාවයක පවත්වා ගත් බවය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු හිටපු ජනාධිපතිනිය,

“මගේ කාලේ විතරක් නෙමෙයි මගේ පියතුමා, මගේ මව ලෝකේ සියලුම රටවල් එකක් නොබැඳි පිළිවෙත මත හොඳ සම්බන්ධයක් තිබුණා. අපි කාටවත් යටත් වුණේ නැහැ. මමත් ඒක අනුගමනය කළා. නමුත් රජය කරන අයට විදේශ ප්‍රතිපත්ති හා විදේශ සබඳතා ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. අද නොකියාම අපි චීනයේ යටත් විජිතයක්. චීනයත් එකක් මගේ කිසි තරහක් නැහැ. මගේ කිට්ටු සම්බන්ධතා තිබුණා. ඉස්සරකාලේ පුවත්පත්වලින් මට කිව්වේ කොන්ඩේ බැඳපු චීනා කියලා. ඒ තරම් ඒ අය ගැන කථා කළා. දැනුත් ඒ අංශය ගැන අපි කැමතියි. නමුත් මගේ රට වෙන කිසි රටකට යට වෙනවාට මම කැමති නැහැ. දැන් ඉන්දියාවට මොකක්ද එකක් දෙනවා කියලා කෑ ගහන මිනිස්සු දැන් චීනය දෙනවාට මොකුත් නැහැනේ.“

Related posts

නාමල් ට එරෙහි නඩුවක් කල් යයි

Admin

ඩයනාගේ රාජ්‍ය තාන්ත්‍රික පාස්පෝට් එක ගැන විමර්ශනයක් ඉල්ලා අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

Admin

සියදිවි නසාගත් පොලිස් නිලධාරියා

Admin

ආපු ගමන් බෑ-සමන්ත විද්‍යාරත්න

Admin

රටපුරා මහජන ආරක්ෂාවට ජනපති ත්‍රිවිධ හමුදාව කැඳවයි

colombotoday

දැන් බෙහෙත්, ගෑස්, ඉන්ධන, විදුලිය, පොහොර අර්බුදයක් නැහැ – ජනපති රනිල් වික්‍රමසිංහ

Admin