Colombo Today Local News

ජනතාව දිරිමත් කරන්න කථානායක කොවිඩ් එන්නත විද ගනී

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (17)දින පෙරවරුවේ දී නාරාහේන්පිට පිහිටි යුද හමුදා රෝහලේ දී “ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා” එන්නත ලබා ගෙන තිබේ.

එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ද එක්ව සිටියේය.

කොවිඩ් වසංගතය මර්දනය කිරීම පිණිස ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ලංකාවට ලැබී දැනට එන්නත්කරණ වැඩසටහනට ජනතාව දිරිමත් කිරීම සඳහා කථානායකවරයා මෙසේ එන්නත ලබා‍ ගත් බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසයි.

එම එන්නත ලංකාවට ලබාදීම සම්බන්ධව ඉන්දීය රජයට සිය ස්තූතිය පළ කළ කථානායකවරයා ඉන්දු ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව ඉන්දීය මහ කොමසාරිස්වරයා සමග දිර්ඝ ලෙස සාකච්ඡා කළ බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

අද (17)දින දහවල් 12 වන විට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 24 දෙනෙක් “ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා”එන්නත ලබාගෙන තිබේ.

Related posts

ජාතික නාවිකයන්ගේ දිනය – මාර්තු 21

Admin

ඉන්දියාවේ පැතිර යන කලු දිලීර ආසාදිතයෙක් අම්පාරෙන් වාර්තා වෙයි

colombotoday

(VIDEO) වික්ටෝරියා බලාගාරයේ නළයක කාන්දුවක් – විදුලි කප්පාදුවක් අතලඟ?

colombotoday

අදත් රටපුරා ඇදිරිනීතිය…

colombotoday

“අපි දැන් මොනව කීවත් මිනිස්සු ගණන් ගන්නේ නෑ… දූෂණ ගැන කියන්න ගියාම අපට හිනාවෙනවා”

colombotoday

යහපාලනයෙනුත් අඩු නැතිව ඥාති සංග්‍රහ, පැෆ්රල් සංවිධානයෙන් චෝදනා

colombotoday