Colombo Today Local News

ද්විත්ව පුරවැසියන්ට දේශපාලනය කිරීමේ අයිතිය අහිමිකරනවා.. – ජනපතිගෙන් ප්‍රතිඥාවක්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනයෙන් පසු ද්විත්ව පුරවැසියන්ට දේශපාලනය කිරීමේ අයිතිය අහිමිකරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රතිඥාවක් ලබාදී ඇති බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

පසුගිය සැප්තැම්බර් මාසයේ දී ජනාධිපතිවරයා එම ප්‍රතිඥාව ලබාදුන් බවත් පක්ෂ 10කට එම ප්‍රතිඥාව ලබාදී ඇති බවත් ඔහු සඳහන් කර ඇත.

අද (16) දින පවති අමාත්‍යමණ්ඩල මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පළකර තිබේ.

“ජනාධිපතිතුමා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ද්විත්ව පුරවැසියන්ට දේශපාලනය කිරීමේ අයිතිය අහිමිකරන බවට පක්ෂ 10කට පසුගිය සැප්තැම්බර් මාසයේ දී ප්‍රතිඥාවක් ලබාදී තිබෙනවා. නව ව්‍යවස්ථාවේ කටයුතු ඉතාමත් වේගයෙන් සිදුවෙමින් පවතිනවා. වසරක් ඇතුළත නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට අපිට පුළුවන් වේවි.”

Related posts

මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 581 ක් දක්වා ඉහළට

colombotoday

ඉන්ධන මිල සුත්‍රය ගෙන ඒම සුදුසුයි

colombotoday

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂවරියක්

Admin

කොළඹ වරාය සංවර්ධනයට අමෙරිකාවෙන් ඩොලර් මිලියන 553ක ආයෝජනයක්

Admin

බන්ධනාගාරයට ගිය මහින්ද, කාර් එක ඇතුළේ ඉදන් කරන්න ගිය කතාව එකපාරට එළියට ඇවිත් කියයි (Video)

colombotoday

අද ඩොලරයේ අගය මෙන්න

Admin