කතරගම පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබේ.
නිදහස් උත්සවයට සහභාගී වීමෙන් අනතුරුව ස්ථානාධිපතිවරයා පී.සී.ආර් පරීක්ෂණයක් සිදු කර ඇති අතර එම පී.සී.ආර් වාර්තාව අනුව ඔහුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ බව කතරගම මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි දේව නාරායන මහත්මිය සඳහන් කරයි.
ඒ අනුව ස්ථනාධිපතිවරයාට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ ඔහු ඇසුරු කළ ආශ්‍රිතයින් මේ වන විට නිරෝධනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.