Colombo Today Local News

නිදහස් කරන්න බැරිනම් අඩු තරමේ ඇපවත් ලබා දෙන්න.. අත්අඩංගුවට ගත් හමුදා නිලධාරීන්ගේ ඥාතීන් හඬා වැළපෙමින් ඉල්ලයි

කොටි ත්‍රස්තවාදීන් මෙරටින් තුරන් කිරීම සදහා දැවැන්ත කාර්යභාරයක් ඉටුකළ රණවිරුවන් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදී ලේබල් අලවා ඇති බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැදවුම්කරු මේජර් අජිත් ප්‍රසන්න මහතා පවසනවා.

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති හමුදා බුද්ධි අංශ රණවිරුවන් පස්දෙනා එම සිදුවීමට සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් නොමැති බවත්, එසේ වුවත් ඔවුන් මාස පහක් යනතුරුම රදවාගෙන සිටින බවත් ඊයේ (15)මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරණු ලබන්නේ ත්‍රස්තවාදීන්‍ ගේ උපදෙස් මතද යන්න තමාට හැඟෙන බවත්, පසුගිය සමයේ රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටිනවායි කියූ චම්පික රණවක මහතා වැනි පුද්ගලයන් අද නිහඩ වී ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මාධ්‍ය හමුවට එක්වූ අදාල නිලධාරීන්ගේ මව් පියන් සහ ඥතීන් ඉල්ලා සිටියේ තම දරුවන් සහෝදරයන් ත්‍රස්තවාදීන් නොවන බවත්, රටවෙනුවෙන් සේවය කළ ඔවුන් නිදහස් කිරීමට නොහැකිනම් අඩු තරමේ ඇප ලබා දීමටවත් කටයුතු කර ලෙසයි. අදාල නිලධාරීන්ගේ වැටුප් ගෙවීම පවා මේවන විට අත්හිටුවා තිබෙන බැවින් ඔවුන්ගේ දරු පවුල් අන්ත අසරණ තත්වයට වැටී ඇති බවද රණවිරු ඥාතීන් සදහන් කළා.

Related posts

පාසල් සිසුවියකට අසභ්‍ය දර්ශන යැවූ ගුරාට වැඩ වරදි

Admin

අරගලකරුවන්ට ගැටලු‍ සාකච්ඡා කරන්න ආණ්ඩුවෙන් වෙබ් අඩවියක්

colombotoday

කොළඹ පාසල් තුනක සිසුන් මරා ගනිති.. හයක් රෝහලේ, 15ක් කූඩුවේ !!

colombotoday

“රාජපක්ෂ සමයේ බැදුම්කර ගනුදෙනු ගැනත් වහා සොයනු” – ජවිපෙ ජනපතිට කියයි

colombotoday

සමලිංගික විවාහ නීතිගත කිරීමට සූදානම්… පනත ළගදීම පාර්ලිමේන්තුවට !

colombotoday

තෙල් සංස්ථාවේ නීති කැඩූ ඉන්ධන පිරවුම්හල් 4 ක සැපයුම අත්හිටුවයි

colombotoday