Uncategorized

සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුටම රුපියල් කෝටියක මුදලක් ලබාදීමට යයි.

මෙම වසර සඳහා සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුටම විමධ්‍යගත අරමුදලෙන් රුපියල් කෝටියක මුදලක් ලබාදීමට මුදල් අමාත්‍යාංශය විසින් මාර්ගෝපදේශයක් නිකුත් කර තිබේ.

එම මාර්ගෝපදේශවලට අනුව මෙම අරමුදල් පොදු ව්‍යාපෘති වෙනුවෙන් පමණක් වැය කළ යුතු අතර කිසිදු පෞද්ගලික ව්‍යාපෘති හෝ පුද්ගල අවශ්‍යතා වෙනුවෙන් පිරිනැමීම තහනම් වේ.

මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගලගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මාර්ගෝපදේශවල වැඩි දුරටත් සඳහන්ව ඇත්තේ විමධ්‍යගත අරමුදල් වැඩසටහන යටතේ අරමුදල් ලැබීමට සුදුසුකම් ලබන ව්‍යාපෘති සඳහා වන යෝජනා එක් එක් මන්ත්‍රීවරයා විසින් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතිය සහිතව 2021 මාර්තු 31 වැනිදාට පෙර ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන ලෙසයි. ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් තම යෝජනා දිස්ත්‍රික් ලේකම්වරු වෙත ඉදිරිපත් කරන ලෙසද උපදෙස් ලබා දී ඇත. එම නිර්දේශිත ව්‍යාපෘති මාර්ගෝපදේශවලට අනුකූල වන බව සළකා බැලීමෙන් පසු මුදල් අමාත්‍යාංශයේ අනුමැතියට යොමු කිරීමට නියමිතය.

රේඛීය අමාත්‍යවරුන්, පළාත් සභා හෝ වෙනත් ආයතන යටතේ ක්‍රියාත්මක වන වැඩසටහන් හරහා පහසුකම් නොලැබෙන දිස්ත්‍රික්කවල ආර්ථික, සමාජ, සංස්කෘතික හා ආගමික සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් මෙම අරමුදල් වැයකිරීමට අනුමැතිය ලබා දෙනු ඇත.

Related posts

සංචාරක ශ්‍රී ලංකා පිල හා කොදෙව්වන් අතර එක්දින ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය අද

colombotoday

පත්තර තට්ටුවට කණ කොකා හඩයි… පුවත්පත් 81 ක් වැසී යයි..!

colombotoday

කොස්ගොඩ තාරක ඇතුළු අපරාධ කල්ලි සාමාජිකයන් සිවුදෙනකුට ඩෙංගු

colombotoday

දැඩි ආරක්ෂාව මැද පාසල් ඇරඹයි… සිසු පැමිණීමේ විශාල අඩුවක්…

colombotoday

රවී කියපු අයවැය මහින්දටත් තේරිලා නෑ… අතර මගදී පිටව ගිහින් – Video

colombotoday

සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ගින්නෙන් තුවාල ලැබූ තරුණයා මිය යයි

colombotoday