Colombo Today Local News

ජාතික පාසල් 170ක විදුහල්පති පුරප්පාඩු

ජාතික පාසල් 170 ක පවතින විදුහල්පති පුරප්පාඩු කඩිනමින් පිරවීම සඳහා සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ , ඒ සඳහා වන සම්මුඛ පරීක්ෂණ මේ වනවිට අවසන් අදියරේ පවතින බවයි.

සම්මුඛ පරීක්ෂණවල ප්‍රතිඵල රාජ්‍ය සේවා කොමිෂන් සභාවට යොමු කිරීමට පියවර ගන්නා බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

ජාතික පාසල් 373 ක් පවතින අතර විදුහල්පති පුරප්පාඩු පැවති පාසල් 100 කට මේ වනවිට විදුහල්පතිවරුන් පත් කර ඇති බව ද ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

Related posts

මහින්දගේ මූණ පෙන්වා පාර්ලිමේන්තු ආ ඒකාබද්ධ විපක්ෂයටත් ගමට යන්න බැරිවෙයි

colombotoday

ලිංගික අඩන්තේට්ටම් යටතේ පූජිතට තවත් නඩුවක් – උප පොලිස් පරීක්ෂකවරියකට තර්ජනය කරලා

colombotoday

කුරුණෑගල නීතිඥවරු අධිකරණ කටයුතුවලින් ඉවත් වෙති

colombotoday

මත් පෙති 3000ක් ප්‍රවාහනය කළ සැකකරුවකු අත්අඩංගුවට

colombotoday

විදේශ අයෝජන ආකර්ෂණයට පැකේජයක්

Admin

පළාත් සභාවේ අවසර නැතිව උතුරේ ඉඩම් ගැනීම තහනම්.. යෝජනාව සම්මතයි !

colombotoday