Business

මාස 3ක් අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක මිල අඩුවෙන්

අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක මිල වෙළඳපොළ මිල ගණන්වලට වඩා අඩුවෙන්, සතොස, සමූපකාර හා කිව් ෂොප් හරහා ඉදිරි මාස තුනකදී ලබාදීමට රජය තීරණය කර තිබේ.

වෙළඳ අමාත්‍යංශයේ අද(05)දින පැවති දැනුවත් කිරීමේ හමුවේදී, වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදී, අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 27හි දැනට වෙළඳපොළෙහි පවතින මිල ගණන් හා භාණ්ඩ ස්ථායීකරණ ව්‍යාපෘතිය යටතේ සතොස, සමූපකාරය හරහා පාරිභෝගිකයාට නිකුත් කරන මිල ගණන් යන දෙකෙහි වෙනස මගින් ජනතාවට ලැබෙන සහනය අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය.

පවත්නා ගෝලීය වසංගත තත්වය හමුවේ ජනතාවට උපරිම සහන ලබාදීම සඳහා ලබන සඳුදා සිට මෙය ක්‍රියාත්මක කෙරෙන බවද වෙළඳ අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම භාණ්ඩ ලබාගැනීමේදී යම් ගැටලුවක් වෙතොත්, ඒ පිළිබඳව විමසීම සඳහා 1998 සෘජු දුරකතන අංකයත්, යම් ස්ථානයක මිල ගණන් වංචා සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා 1977 සෘජු දුරකතන අංකයත් ක්‍රියාත්මක බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Related posts

“ආසන්නයේ විශාලතම රටවල් සමග ගිවිසුම්වලට යාමෙන් දියුණු වූ කිසිදු රටක් නෑ” – පාත්ෆයින්ඩර් පදනම

colombotoday

ජපන් වාහන ආනයනය නවතී.. සමස්ථ වෙළදපොළ ඉන්දියානු වාහන අල්ලා ගනී

colombotoday

සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම මඟින් රටට බදු ආදායම මිලියන 1,600ක් අහිමි වෙනවා

colombotoday

ඇමෙරිකානු ඩොලරය රු 190.61 දක්වා ඉහලට

colombotoday

මහ බැංකු නි.අධිපති ධුර එස්.ආර් ආටිගල හා එච්.ඒ කරුණාරත්නට

colombotoday

ඩොලරය නැවතත් රු 177 පසුකරයි…

colombotoday