Colombo Today Sports News

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධනයට තාක්ෂණික උපදේශක කමිටුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයට තාක්ෂණික උපදේශක කමිටුවක් පත්කර තිබේ.

එම කමිටුවේ සාමාජිකයින් වන්නේ – අරවින්ද ද සිල්වා මහතා (සභාපති), රොෂාන් මහානාම (සාමාජික), මුත්තයියා මුරලිදරන් (සාමාජික) සහ කුමාර් සංගක්කාර (සාමාජික).

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් අද (05)දින එම කමිටුව පත්කරන ලදි

එම කමිටුවේ මූලික කාර්යභාරය වනුයේ අමාත්‍යවරයාට, අමාත්‍යාංශ නිලධාරීන්ට සහ ජාතික ක්‍රීඩා සභාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ සියලු කරුණු පිළිබඳව උපදෙස් ලබාදීමය.

දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමිතිය නංවාලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ සමීපව කටයුතු කර එමඟින් ශ්‍රී ලංකාව තුළ ඉහළ මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාවක් ගොඩනැගීම හා පුහුණු කිරීම අවශ්‍ය මග පෙන්වීම මෙම කමිටුව හරහා ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වන කටයුත්තක් බව සඳහන් වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ ක්‍රියාත්මක තාක්ෂණික උපදේශක කමිටුව වෙතද මෙම කමිටු සාමාජිකයින්ගේ නම් යොදාගන්නා ලෙස අමාත්‍යවරයා විසින් යෝජනාකර තිබේ.

Related posts

වියළි කහ කිලෝ 2,000ක් නාවික හමුදා භාරයට

colombotoday

 විශිෂ්ට ජයක් සමඟ එංගලන්තය අවසන් මහා තරඟයට

Admin

ශ්‍රී ලංකාවට නොසිතූ පරාජයක්….

colombotoday

වසර 21කට පසු ලංකාවට රන් පදක්කමක් ගෙනා තරුෂිට ක්‍රිකට් ආයතනෙන් කෝටියක්

Admin

ශ්‍රීමාලිගෙන් මව්බිමට රන් පදක්කමක්

colombotoday

අවසන් තරගයේ ජය ඇෆ්ගනිස්තානයට

Admin