Colombo Today Local News

ප්‍රේමලාල්ගේ අභියාචන පෙත්සම විභාගයට දින නියම වේ

තමාට එරෙහිව රත්නපුර මහාධිකරණය නියම කළ මරණ දඬුවම අවලංගු කර, තමාව නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ රත්නපුර දිස්ත්‍රික් ⁣පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ගොනු කළ අභියාචන පෙත්සම ලබන ජූනි 16 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (03)දින නියම කළේය.

මෙම අභියචන පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්.ගුරුසිංහ යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැදවූ අතර එහිදී එදිනට පෙත්සම් විභාගයට දින නියම විණි.

පෙත්සම සම්බන්ධයෙන් පෙත්සම්කාර පාර්ශවයේ ලිඛිත දේශන මාර්තු 22 වැනිදා ද, නීතිපතිගේ ලිඛිත දේශන අප්‍රේල් 29 වැනිදා ද ගොනු කරන ලෙසද අභියාචනාධිකරණය නියම කළේය.

2015 වසරේ ජනවාරි මාසයේදී පැවති ජනාධිපතිවරණ සමයේදී රත්නපුර කහවත්ත ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතන කිරීම සම්බන්ධයෙන් ප්‍රේමලාල් ජයසේකර මහතා වරදකරු කරමින් රත්නපුර මහාධිකරණය විසින් ඉකුත් වසරේ ජූලි 31 වැනිදා ඒ මහතාට මරණ දඩුවම නියම කළේය.

එම දඩුවම අවලංගු කර තමාව නිදොස් කර නිදහස් කරන්නැයි ඉල්ලා මෙම ප්‍රේමලාල් ජයසේකර මහතා මෙම ⁣අභියාචන පෙත්සම ගොනු කෙරිණි.

නීතිපතිවරයා මෙහි වගඋත්තරකරු ලෙස නම් කරනු ලැබ ඇත.

පෙත්සම්කාර අභියාචක වෙනුවෙන් ජනාධිපති නීතීඥ නලීන් ලද්දූවහෙට්ටි මහතා සමග බුද්ධික චන්ද්‍රසේකර, වජිර රණසිංහ සහ හෆීල් ෆාරිස් යන නීතීඥවරු පෙනී සිටියහ.

Related posts

සමගි ජන බලවේගය අයිතිකාරයාගේ බිරිඳ 20ට පක්ෂව ඡන්දය දෙයි

colombotoday

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව හැර යයි

colombotoday

තිස්ස අත්තනායක සමාව ගන්නවානම් කූට ලේඛන නඩුව කෙටි ක්‍රමයකින් ඉවරකර ගන්නම් – ජනපති සහ අගමැති

colombotoday

“උතුරේ, දකුණේ රටවල් දෙකක්, නැගෙනහිරට, කදුකරයට ‍ස්වාධීන පාලනයක් ඕනෑ” – විග්නේෂ්වරන් රජයෙන් ඉල්ලයි

colombotoday

උසාවිය ආණ්ඩුවේ කුණු හෝදයි_ සරසවි සිසුන් වෛද්‍ය සභාව ඉදිරිපිට විරෝධයේ

colombotoday

ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් ආයතනයෙහි ව්‍යාපාර කටයුතු තාවකාලිකව අත්හිටුවයි

colombotoday