Colombo Today Local News

රටින් පැන මෙරට පාතාල මත් ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන ප්‍රධාන පෙළේ අපරාධකරුවන් විසි හතරක් අල්ලන්න රතු නිවේදන

විදෙස් රටවලට පලා ගොස් ඒ රටවල සිට මෙරට පාතාල මත් ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන ප්‍රධාන පෙළේ අපරාධකරුවන් විසි හතර දෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විසින් ගත වූ වසර තුළදී ජාත්‍යන්තර රතු නිවේදන (Red Notice) ලබාගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්ත​මේන්තුවේ මෙරට ජාත්‍යන්තර පොලිස් (Interpol) ශාඛාව මගින් මෙම රතු නිවේදන ලබාගෙන ඇත.

මෙම පිරිසට අමතරව විදෙස්ගතව සිටින තවත් අපරාධකරුවන් අසූ පහකට එරෙහිව ජාත්‍යන්තර නිල් නිවේදනය (Blue Notice) ලබා ගැනීමටද පියවර ගෙන ඇත. මෙරට අධිකරණවලින් නඩු විභාග කර විවෘත වරෙන්තු නිකුත් කරන තුරු අපරාධවලට සම්බන්ධ වූවන්වට ජාත්‍යන්තර පොලිසිය මගින් නිල් නිවේදන ලබා ගන්නේ රතු නිවේදනය නිකුත් කිරීමට අධිකරණ වරෙන්තු ලැබෙන තුරුය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදන ලබාගත් මුළු සංඛ්‍යාව එකසිය පනහක් වන අතර ඉන් පනහකට වැඩි ප්‍රමාණයක් හිටපු එල්.ටී.ටී.ඊ.ය ක්‍රියාකාරීන්ය. ජාත්‍යන්තර පොලිසියේ සහාය ගෙන දැනට රතු නිවේදන නිකුත් කර ඇති විසි හතර දෙනාගෙන් දස දෙනකුව තානාපති අංශ හා බුද්ධි අංශවල සහායෙන් උදර්පන නීතිය උපයෝගී කරගෙන මෙරටට ගෙන ඒමට කටයුතු යොදාගෙන යන බව ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසීය. ගත වූ මාස 12 තුළ ඉක්මනින්ම රතු වරෙන්තු ලබාගෙන ඇත්තේ වත්මන් පොලිස්පති චන්දන වික්‍රමරත්න විසින් සංවිධානාත්මකව අපරාධකරුවන්ට එරෙහිව විවෘත වරෙන්තු ඇතුළු චෝදනා රතු වරෙන්තු ගැනීම සඳහා පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය වෙත යොමු කරන්නැයි නිකුත් කළ චක්‍රලේඛයක් අනුවය. බස්නාහිර පළාත තුළ ප්‍රධාන අපරාධ කල්ලි විසි පහක සාමාජිකයන් 346ක් සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ බවත් ඉන් ප්‍රබලයන් 25 දෙනකුම විදෙස්ගතව සිටින බවත් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අපරාධ ලැයිස්තුවක් සකස් කර තිබිණි.

Related posts

ද්‍රවිඩ සන්ධානය දෙකඩ කරමින් විග්නේශ්වරන් ඉවත්වේ ?

colombotoday

ජනාධිපති වෙන්න මට බැරිවෙයි – සජිත් කියයි

colombotoday

හොර චෙක් පත් වලින් සල්ලි ගත් තවත් අයෙක් කොටු වෙයි.

colombotoday

පදිංචියටත් නොගිහින් සබීතාගේ බිල්ඩිමට කෘෂකර්ම අමාත්‍යාංශය මාස 4ට, කෝටි 8ක් ගෙවලා !

colombotoday

මන්ත්‍රී අතුකෝරල ඝාතන සිද්ධියේදී දිවි අහිමි වූ පොලිස් නිලධාරියාගේ පවුලට මිලියන 05ක්

colombotoday

ගොවීන්ගේ අතිරික්ත එළවළු සහ පලතුරු තොග රජය මිලදී ගනී

colombotoday