Colombo Today Local News

ත්‍රස්ත මර්ධන පනත අහෝසි කරන්න ආණ්ඩුව ජාත්‍යන්තරයට පොරොන්දු වුණා – එම්.ඒ. සුමන්තිරන්

ma sumanthiranත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බවට වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තරයට පොරොන්දු වූ බවත්, එම පොරොන්දුව ඉටු කරමින් අදාල පනත අහෝසි කර එල්.ටී.ටී.ඊ රැදවියන් නිදහස් කිරීම කඩිනම් කළ යුතු බවත් ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් පවසයි.

විදේශ කටයුතු අමාත්‍යාංශ පිළිබද අයවැය කාරක සභා විවාදයට සහභාගී වී කල කතාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදීද එම පනත අහෝසි කිරීමට ආණ්ඩුව එකග වූ බවත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් කොටි සැකකරුවන් නිදහස් කිරිමේ කටයුතු පමාව තිබෙන්නේ එම පනත තවමත් ක්‍රියාත්මකව තිබෙන බැවින් බවත් මන්ත්‍රීවරයා වැඩි දුරටත් අවධාරණය කර සිටියහ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී සම්මත කල යෝජනාවේ සඳහන් අධිකරණ ක්‍රමවේදයක් පදනම් කරගෙන පරීක්‍ෂණ පැවැත්වුවද, පොදු රාජ්‍ය මණ්ඩලීය විනිසුරුවන්, නීතිඥයින්, නීති විද්වතුන් ඇතුලත් කරගන්නා බව ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තරයට පොරොන්දු වී ඇති බවත් එහෙත් මේ පිළිබඳව රජය ප්‍රසිද්ධියේ කිසිවක් ප්‍රකාශ නොකරන බවත් හෙතෙම වැඩිදුරටත් කරුණු දක්වමින් පැවසීය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙස ජාත්‍යන්තරයෙන් හා රාජ්‍ය ‍නොවන සංවිධානවලින් ආණ්ඩුවට දැඩි බලපෑමක් එල්ල වෙමින් තිබෙන අතර අධිකරණ අමත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පසුගියදා ප්‍රකාශ කර තිබුණේ එම පනත සංශෝධනයට ආණ්ඩුව පියවර ගනිමින් සිටින බවයි.

Related posts

ගිනි ගත් නෞකාවෙන් පීඩාවට පත් ධීවරයින්ට 5000ක වන්දය අද සිට

colombotoday

රුපියල වාර්තාගත ලෙස බාල්දු වෙයි… ඩොලරය 160 පසු කරයි

colombotoday

රනිල් පන්නා අගමැති වෙන්න එස් බී බරටම වැඩ – ඒකාබද්ධ විපක්ෂයේ සහයත් ඉල්ලයි

colombotoday

අධිකරණ ඇමති තලතා.. බුද්ධශාසන ඇමති ගාමිණී ජයවික්‍රම – අද දිවුරුම් දෙයි

colombotoday

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයත් රැගෙන මුත්තු සුරේන් රාගවන් පනියි. – අමාත්‍ය ධූරයක දිවුරුම් දෙයි.

colombotoday

උදයංග අල්ලන් එන්න ඩුබායි ගිය දෙවන කණ්ඩායමත් හිස් අතින්ම ආපසු එයි

colombotoday