Colombo Today Local News

දුම්රිය මැදිරි දේශීයව නිෂ්පාදනයට කැබිනට් අනුමැතිය

වර්තමාන අවශ්‍යතාවන් සඳහා මගී දුම්රිය මැදිරි දේශීය නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව, පෞද්ගලික අංශයේ සහභාගීත්වය ඇතිව දුම්රිය මැදිරි 100ක් නිෂ්පාදනය කිරීම සඳහා රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කරමින් ආයෝජකයකු තෝරාගැනීමට නියමිතය.

මේ වනවිට මගී දුම්රිය මැදිරි 700ක් පමණ දුම්රිය සේවයට අවශ්‍යව පවතින අතර, ඉදිරියේදී එම අවශ්‍යතාව 800 දක්වා වැඩි වනු ඇති බවට ඇස්තමේන්තු කර ඇත.

දැනට පවතින දුම්රිය මැදිරිවලින් 30%ක් වසර 30ක්ද, 60%ක් වසර 25-30ත් අතර කාලයක් ද, පැරණි ඒවා වන අතර, 10%ක ප්‍රමාණයක් වසර 12ක් හෝ ඊට අඩු කාලයක් තුළ සේවයේ යොදවා ඇත. ඉදිරියේදී ඉන්දියාවෙන් ලැබීමට නියමිත මැදිරි 160 සහ අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතිය මගින් ලබාගැනීමට නියමිත මැදිරි 140 මගින් මුළු මැදිරි අවශ්‍යතාවෙන් 42%ක් පමණක් සැපිරෙයි.

මෙම කරුණු සලකා බලා ඊට පිළියමක් වශයෙන් දුම්රිය මැදිරි දේශීයව නිපදවීම පිළිබඳව ප්‍රවාහන අමාත්‍යවරයා ඉදිරිපත් කල යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

Related posts

දෙමළෙන් බණ කියන හාමුදුරුවෝ

colombotoday

ගැට කපන්නකුට එරෙහි වූ තරුණයෙක්ට පිහි පහර

Admin

කටුනායක ගුවන්තොටේ මූණ හෝදන බේසමෙන්, කකුල් හෝදන ඉන්දියානුවෙක් !

colombotoday

තවත් වසර 10කට එජාප මුල් පුටුව රනිල්ට.. 60පනින තුරු සජිත්ට නායකකම් නෑ.. තිබූ තනතුරත් අහෝසියි

colombotoday

වොක්ස්වැගන් කම්හල ජනවාරියේ පටන් ගන්නවාමයි

colombotoday

වන සතුන් නිසා වාර්ෂිකව 40% ක වගා හානියක්

colombotoday